“තනිවම කොහේවත් යන්න බෑ කිවුවා” – නාටක මාරයි දිල්කිට ලිංගික අතවර වෙලා?

කොටස් 1500කට ආසන්න ප්‍රමාණයක් විකාශයව ඇති නාටක මාරයි රූපවාහිනී හාස්‍ය නාට්‍ය මාලාවේ ප්‍රධාන භූමිකා දෙකක් රඟ දැක්වූ සුරංග සතරසිංහ හා දිල්කි ලියනගේ අතර ගැටුමක් ඇතිව තිබේ.මේවන විට සුරංග, දිල්කිව එම නාට්‍යයෙන් ඉවත්කර ඇත. කෙසේවුවද, දිල්කි එම නාට්‍යට තෝරාගෙන ඇත්තේද සුරංග බව පැවසේ.

සතිඅන්ත පුවත්පතකට අදහස් දක්වා ඇති දිල්කි පවසා ඇත්තේ ඇයට ලිංගික බලපෑමක් ආ බවයි. තමා තනියෙන් කොහෙවත් නොයන බව පවසමින් ඉන් ගැලවුණ බවද ඇය සඳහන් කර තිබේ. මේ සම්බන්ධයෙන් සුරංගද අදහස් දක්වා ඇති අතර ඔහු පවසා ඇත්තේ දිලිකි සිය පවුල බිඳවීමට උත්සාහ කළ බවයි.

එසේම ඔහු දිල්කිට මෙසේද “ ඔව්. දිල්කි අපේ පවුල බිඳිවන්න හැදුවා. එයා කසාද තුනක් කරගත්ත ගැහැණියෙක්. වලිගෙ කැපුණවුන් අපේ වලිගෙත් කපන්න යනවා.” යනුවෙන් චෝදනා කර තිබේ.

0 comments