පෙම්වතා ගැන සැකයක් සුවිසල් නිවසක ඇඳක් මත රූමතියක් ලේ විලක් මැද හුස්ම හෙලයි

කොට්ටාව ප්‍රදේශයේ සුවිසල් නිවසක උඩුමහලේ නිදන කාමරයක ඇදක් මත තිබී 26 හැවිරිදි තරුණියකගේ මලසිරුරක් ඊයේ සොයා ගැණුනා.

මෙලෙස මියගොස් ඇත්තේ තරින්දි ආලෝකා නැමති තරුණියක්. ඇය මාතර ප්‍රදේශයේ තරුණයෙකු සමග ප්‍රේම සබඳතාවක්ද පවත්වා තිබෙනවා.


ඔහු ව්‍යාපාරිකයෙකු වන අතර පෙරේදා රාත්‍රියේ ද ඔහු නිවසට පැමිණ තිබෙනවා
මවුපිය කැමැත්තද මෙම දෙදෙනාට හිමිව තිබූ බවයි වාරතාවන්නේ.

එහෙත් අදාළ තරුණිය එම තරුණයාට එතරම් කැමැත්තක් දක්වා නැහැ.

තරුණියගේ දෙමාපියන් අදාල නිවස ආසන්නයේම ව්‍යාපාරික ස්ථානයක කටයුතු කරමින් ජීවත්වී ඇති අතර තරුණිය තනිවම මෙම සුවිසල් නිවසේ ජීවත් වී තිබෙනවා.

ඊයේ සවස තරුණියගේ බාල සොහොයුරිය පාසල් ගොස් යළි නිවසට පැමිණ තම සහෝදරිය පිළිබඳව සොයා බලා තිබෙනවා.

එම අවස්ථාවෙදී තරුණියගේ මළ සිරුර සොයා ගැණුනා. මෙම ඝාතනයට පෙම්වතා ගේ සම්බන්ධයක් තිබේද යන්න සෙවීමට විමර්ශන ක්‍රියාත්මකයි.

0 comments