පෝය දිනවල බාර් ඇරෙයිද ?

පොහොය
දිනවල මත්පැන් අලෙවිහල් වසා තැබුණද වෙනදාටත් වඩා ඉහළ අලෙවියක් පොහොය
දිනයේදී සිදුවන බවයි ඇමතිවරයා පෙන්වා දෙන්නේ. බොහෝ මත්පැන් අලෙවිසැල්
හිමියන් සාමාන්‍ය මිලට වඩා වැඩි මිලකට පොහොය දිනවල මත්පැන් අලෙවි කිරීම
හරහා කලු කඩ ජාවාරමක් නිර්මාණය වී ඇති බව ද ඇමතිවරයා පවසයි.
දෛනිකව
මත්පැන් භාවිතා කරන්නන්ට පොහොය දිනයේ මත්පැන් හල් වසා තැබීම එතරම්
ගැටලුවක් නොවේ. ඔවුන් එවැනි නිවාඩු දින සඳහා පෙර දිනයේ අවශ්‍ය මත්පැන්
මිලදී ගන්නා අතර තවත් පිරිසක් කලු කඩ ජාවාරම හරහා මත්පැන් මිලදී ගනී. ඒ
අනුව පොහොය දිනවල මත්පැන් හල් වසා තැබීමේ කිසිදු ප්‍රායෝගික වාසියක්
නොමැති අතර ඉන් සිදුවන්නේ කල්තබා මත්පැන් මිලදී ගැනීම සඳහා ජනතාවට
උත්තේජනයක් සැපයීම පමණි.
0 comments