දකුණු කොරියාවේ හිටපු ජනපතිනියගේ මිතුරියත් හිරේට


දකුණු කොරියාවේ හිටපු ජනපතිනියගේ මිතුරියත් හිරේට 
 
චෝයි සූන්-සිල් හිටපු ජනපතිනිය පාක්ගේ උපදේශකවරියක් වශයෙන් සේවය කළාය. තවද ඇගේ පියා ප්‍රකට ජ්‍යෝතිෂ්‍යකරුවෙක් ලෙස ද සැලකිණි. හිටපු කොරියානු නායිකාවගේ සමීපතම චරිතයක් වශයෙන් ඇය රාජ්‍ය පාලනයට හවුල් වූ බව ද බලය අයුතු ලෙස පරිහරණය කරමින් සිය දියණිය ඇතුලු පවුලේ සාමාජිකයන්ට රාජ්‍ය වත්කම් සහ සම්පත්වලින් වාසි ලබාදුන් බවට ද ඇයට චෝදනා එල්ල වී තිබිණි. තවද දියණියව විශ්ව විද්‍යාලයකට ඇතුළත් කර ගන්නා ලෙසට එහි බලධාරීන්ට අයුතු බලපෑම් කළ බවත් ඉන් නොනැවතී ඇයට විභාගවලින් උසස් සාමාර්ථ ලබාදෙන ලෙසට බලපෑම් කළ බවටත් මෙම නඩු විභාගයේදී චෝදනා නැගී තිබිණි. එව්හා කාන්තා සරසවියේ බලධාරීන් දෙදෙනෙක් ද චෝයි සමගම මේ වරදවලට හවුල් වූ බවට චෝදනා නගමින් සිරගත කරනු ලැබීය.
මේ අතර අශ්වයන් පුහුණු කිරීමේ සුඛෝපභෝගී රැකියාවක නිරත වෙමින් සිටි චෝයි සූන්-සීල්ගේ දියණිය ද මේ වසර මුලදී සිරභාරයට ගෙන ඩෙන්මාර්කය වෙත පිටුවහල් කර තිබේ. ඇයට විරුද්ධව නැගී තිබෙන නව චෝදනා වන්නේ විභාග වංචාව සහ ‘ආර්ථික අපරාධ’ සිදුකිරීමයි.
අමාලි ජයවීර

0 comments