උමා ඔයට උඩින් ගලන බණ්ඩාරවෙල කඳුළු
බණ්ඩාරවෙල නගරය පුරා කළු කොඩි දමා ජනතාව හර්තාලයට එක්ව සිටින බවයි වාර්තාකරුවන් පවසන්නේ.
බණ්ඩාරවෙල ව්‍යාපාරික සංගමය, තොග වෙළද සංගමය, පුද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය හර්තාලය සදහා සහාය පළ කරනවා.
නගරයේ සියළු පාසල් හි සිසුන්ගේ පැමිණීම අවම මට්ටමක පවතින් බව කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා පැවසුවා.
බණ්ඩාරවෙල නගරයේ සිට පුද්ගලික බස් ගමනා ගමනය නතර වී තිබෙනවා.
හානියට පත් ජනයාට සහන සැලසීම, දිය කාන්දුව වලක්වා ගැනීම, උමගේ ඉදිරි කැනීම් කටයුතු සිදු කිරීමට පෙර පරිසර හානි අවම කිරීම සදහා පියවර ගැනීම ඇතුළු ඉල්ලීම් ගණනාවක් සදහා රජයේ අවධානය දිනා ගැනීම සදහායි හර්තාල් ව්‍යාපාරය ක්‍රියාත්මක වන්නේ.
පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා පෙන්වාදෙන්නේ උමා ඔය ව්‍යාපෘතිය හේතුවෙන් මේ වන විටත් ජන ජීවිතය අඩාළ වී ඇති බවයි.









0 comments