විශ්ව විද්‍යාල තුළ විවිධ මතධාරීන්ට තිබූ නිදහස අහිමි කලේ ජේවීපියයි - ඇමැති එස්.බී.

එවැනි මතධාරීන් නිසා අතීතයේදී විශ්ව විද්‍යාලවල තිබූ දේශපාලන සංවාද අද
පෙරටුගාමීන් හා ජනතා විමුක්ති පෙරමුණ විසින් විනාශ කර ඇතැයිද ඇමැතිවරයා
පැවැසුවේ හේවාහැට උඩුවෙල මහා විද්‍යාලයේ නව තාක්ෂණ විද්‍යාගාරය විවෘත
කිරීමේ උත්සවයට ඊයේ (01) සහභාගී වෙමිනි.
ඇමැති දිසානායක මහතා උත්සව සභාව අමතමින් මෙසේද පැවසුවේය.
“ විශ්ව විද්‍යාල දරුවො ගැන මට දුකයි. මේ දරුවො පාරෙ බැහැගෙන අතන දුවනවා, මෙතන දුවනවා. මේ අයව දැන් මෙහෙයවන්නේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයයි. ඉස්සර අපේ කාලේ විශ්ව විද්‍යාලවල විවිධ මතධාරීන් හිටිය. විවිධ මතධාරීන්ට විශ්ව විද්‍යාල වල ඉන්න තිබූ නිදහස නැති කලේ ජනතා විමුක්ති පෙරමුණයි
කිසිම වෙනත් දේශපාලන මතයක් දරන ශිෂ්‍යයෙකුට මේ අය සරසවි තුල ඉඩක් දුන්නේ නැහැ. මම ලංකාවෙ පළමු අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ සභාපති. අපේ කාලයේ විශ්ව විද්‍යාල තුල සමාජවාදී, විප්ලවවාදී, මාක්ස්වාදී මත දරපු කණ්ඩායම් 10ක් 15ක් හිටිය.මේ නිසා හොඳ දේශපාලන සංවාදයක් තිබ්බා.අද සරසවි සිසුන්ට සමාජවාදය උගන්වනව මේ පෙරටුගාමීන්. මේ නිසා සරසවි දරුවො පුද්ගලික අධ්‍යාපනයට සම්පූර්ණයෙන්ම විරුද්ධයි. ඒ නිසා මේ දරුවො පුද්ගලික ව්‍යාපාර වලට සම්පූර්ණයෙන් විරුද්ධයි. ඒ වගේම පුද්ගලික අධ්‍යාපන අයතන වලට, පුද්ගලික රෝහල් වලටත්, චැනල් කරනවටත් විරුද්ධයි. මේ වෛද්‍ය සංගම් වල ඉන්න අතලොස්සක් වෛද්‍යවරුන් පුද්ගලික චැනල් සේවයේ ඉන්න අතරම පුද්හලික විශ්ව විද්‍යාල වලට විරුද්ධයි.
අද ලෝකයේ සමාජවාදයේ තිබූ ඉමහත් මහත්මා ගුනයන් ඉතිරිව තියෙද්දී ආර්ථික ප්‍රතිපත්ති කඩා වැටුනා. ලොව සමාජවාදී හැම රටක්ම තම ආර්ථික ප්‍රතිපත්ති වෙනස් කලා. මේක මේ දරුවන් තේරුම් ගන්නැති එකයි ගැටලුව. මේකට හේතුව අද විශ්ව විද්‍යාල වල දේශපාලන, ආර්ථික සංවාද වලට ඉඩක් නැතිකමයි. මේක විනාශ කලේ ජනතා විමුක්ති පෙරමුණයි. පෙරටුගාමීන් මේක ඉස්සරහට අරගෙන යනවා”

0 comments