හම්බන්තොට ලුණු

පුත්තලමේද ලුණු නිශ්පාදනය කෙරේ. 1938 ලුණු නිශ්පාදනය ආරම්භ කල අලිමංකඩ ලුණු ලේවායේ කටයුතු ත්‍රස්ත්‍රවාදීහේතුන් මත 1990දී නතර විය.
හම්බන්තොට
මහා ලේවාය 1938න් පසු පාලනය වන්නේ දෙපාර්තමේන්තුවකිනි. ඊට දශක දෙකකට පමණ
පසුව එනම් 1957 දී මෙය සංස්ථාවක් බවට පත් විය.1997දී හම්බන්තොට
දිස්ත්‍රිකයේ මහා ලේවාය, බූන්දල හා පලටුපාන ලේවායන්ගේ එකතුවෙන් ලංකා ලුණු
සමාගම නමින් සේවක භාරකාර අරමුදල මගින් මිලට ගන්නා ලදී. එම කොටස් වලින්
10%ක් සේවකයින්ට හිමිවේ.
ලුණු
නිශ්පාදන ක්‍රියාවලිය අක්‍රමවත්වීම ආයතනය තුළ මුල්‍ය හා පරිපාලන විනයක්
නොමැති වීම නිසා 2015ට පෙර ලුණු සමාගම අයාලේ ගිය තත්වයක් තිබු බව ලංකා ලුණු
සමාගමේ සභාපති අයුබි ඛාන් මහතා පවසයි.
‘අපි
මේක බාර ගන්නකොට කෝටි 33කට අධික ණයක් තිබුණා. ඒවගේම නිෂ්පාදන වියදම
පිළිබඳවත් අවධානය යොමු නොකර ලුණු වෙළදාම් කර තිබුණා. එම නිසා ලාභයක්
නොලැබෙන තත්වයකයි තිබුණෙ. අලුතෙන් ලුණු නිශ්පාදනයට අවශ්‍යය කිසිවක් කර
තිබුණේ නෑ. පසුගිය අවුරුදු දෙක තුළ අපි කෝටි තිස්තුන හමාරක ණය ගෙවා දැමුවා.
අපේ ස්ථාවර තැන්පතු මිලියන පන්සියක් තිබුණා. 2016 වසරෙ පමණක් අපි බදු
වශයෙන් රඡයට මිලියන හාරදහස් හයසිය පනහක් ගෙවා තිබෙනවා.
ලංකා
ලුණු සමාගම මේ තත්වයට පත්වීම පිටුපස ඇත්තේ කැප කිරීම හා නාස්තිය හා දූෂණය
වළක්වා ගැනීම පිළිබඳ ආදර්ශයක් බවයි ලංකා ලුණු සමාගමේ උප සභාපති මෙන්ම
විධායක අධ්‍යක්ෂ කිර්ති මුණසිංහ මහතාගෙන් ප්‍රකාශ කර සිටින්නේ .
’ලුණු
අක්කරයක අස්වැන්න ලබා ගැනීමට ලුණු අක්කර දහයක වපසරියක වතුර ධාරිතාවයක්
තියෙන්න ඕනි. ලුණු නිශ්පාදනය වැඩි කිරීමට අපි කළේ සමාගම සතු කැලෑ එළිකොට
වාශ්පීකරණ තටාක සැදීමයි. පලටුපාන,කොහොලංකල සහ බුන්දල ලුණු ලේවායන් අලුතෙන්
නිශ්පාදනයට සරිලන සේ සංවර්ධනය කර ඇත. 2018 වන විට 60%ක් වුූ නිශ්පාදන
ප්‍රමාණය 80%දක්වා වැඩි කිරිමට බලාපොරොත්තු වනවා.
කිර්ති
මුණසිංහ මහතා ඔවුන්ගේ අනාගත ඉලක්ක පිළිබඳව පැහැදිලි කළා.’2020 වන විට
ලුණු ආනයනය නොකරන රටක් බවට පත් කිරිම අපේ ඉලක්කයයි. අපේ රටට වැඩියෙන් ලුණු
ගෙන්වන්නේ ඉන්දියාවෙන්.1%ක් වත් වැලි නොමැති ලුණු තමයි අපි වැඩියෙන් ආනයනය
කරන්නේ. ඉදිරියේදී මේස ලුණු නිශ්පාදනයටත් අප යොමු වෙන බවද ඔහු ප්‍රකාශ කර
සිටියේය .
2016
වසරේදී සේවකයින්ට ප්‍රසාද දීමනා ලෙස වැටුපට අමතරව වැටුප් තුනක් ලබා දුන්
බවද විධායක අධ්‍යක්ෂක පවසයි. ලුණු නිශ්පාදනයේ දී වැදගත් වන්නේ පිරිසිදූ
ලුණු පාරිභෝගිකයාට ලබා දීමයි. දැන් අපේ වෙළඳපල තුළ අයඩීන් රහිත ලුණු අලෙවිය
තහනම්. එය පරිභෝගිකයාගේ සෞඛ්‍ය රැකගැනම සඳහාය. ලංකා ලුණු සමාගමේ ලුණු
සේදීම,ඇඹරීම සහ අයඩීන් මිශ්‍රකිරීම සිදූ කරන්නේ නවීන තාක්ෂණය උපයෝගී
කරගෙනය. ඔවුන් පාරිභෝගිකයාට සුපිරිසිදුම ලුණු ලබාදීමට විශාල උත්සහයක් දරයි.
ලක්ලුණු වල ඇති උසස් ප්‍රමිතිය නිසාම ෂීධ ප්‍රමිති සහතිකයද ලැබී ඇත.
පරිභෝඡනයට
ගන්නා ලුණු වලට අමතරව අතුරු නිශ්පාදන ගණනාවක්ද ඇත. කරවල කර්මාන්තයට හා හම්
පදනම් කිරිමෙ කර්මාන්ත වලටද අවශ්‍යය ලුණු සැපයෙන්නේ හම්බන්තොට මහා
ලේවායෙනි.
රාහුල් සමන්ත හෙට්ටිආරච්චි - හම්බන්තොට
0 comments