දුම්රිය දැක දැක ගේට්‌ටුව පැන්න සිසුන් අධිකරණයට

සම්බන්ධයෙන් අධිකරණය හමුවේ චෝදනා ගොනු කරන ලෙස උතුරු කළුතර පොලිස් ස්‌ථානාධිපති පොලිස් පරීක්‍ෂක ලාලිත වීරසිංහ මහතාට විනිසුරුවරිය නියෝග කළාය. තමන් රාජකාරී කටයුත්තකට ගොස් පැමිණ සිටියදී ශ්‍රී සුමංගල පාරේ දුම්රිය ගේට්‌ටුව වසා තිබූ බවත් දුම්රිය ළඟ ළඟ ධාවනය වන බවට විදුලි සංඥා දල්වමින් තිබියදී මෙම දරු දෙදෙනා කොළඹ සිට මාතර දක්‌වා ධාවනය වූ සාගරිකා දුම්රිය දැක දැකත් යතුරු පැදි දුම්රිය ගේට්‌ටුව හරහා ධාවනය කිරීමෙන් පසු අත්අඩංගුවට ගත් බවත් පොලිස් පරීක්‍ෂක ලාලිත වීරසිංහ මහතා අධිකරණය හමුවේ කියා සිටියේය.
මෙම දරුවන් පාසල් සිසුන් හෙයින් දැඩි ලෙස අවවාද කර මුදා හරින ලෙස පොලිසිය පැමිණිල්ල ඉදිරිපත් කරමින් කියා සිටියේය. මෙහිදී පොලිසිය ඇමතූ විනිසුරුවරිය මෙම දරුවන්ගේ මවුපියන්ට එරෙහිව අධිකරණය හමුවේ නඩු පවරන ලෙස පොලිසියට නියෝග කළාය.
විජයසිරි විද්‍යාසේකර
0 comments