අධ්‍යාපන පහසුකම් කොළඹට පමණක් සිමා කරන්නේ නැහැ

අධ්‍යාපනය දේශපාලනකරණයෙන් තොරව පවත්වාගෙන යාම රජයේ මූලික අරමුණ බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අග්‍රමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ඊයේ(13)  බලපිටිය සිද්ධාර්ථ මධ්‍ය මහා විද්‍යාලයේ තාක්ෂණ පීඨය විවෘත කිරීම හා සියවස් සමරුම් උළෙලට සහභාගී වෙමිනි. 

අග්‍රමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඉහළ අධ්‍යාපනික අවස්ථා කොළඹට පමණක් සීමා නොකර ව්‍යාප්ත කිරීමට කටයුතු කරන බවයි. රැකියා වෙළෙඳපොළට ගැලපෙන දරුවන් පිරිසක් පාසලෙන් පිට කිරීම යහපාලන රජයේ අරමුණ බව ප්‍රකාශ කළ අග්‍රමාත්‍යවරයා වසර 13ක පාසල් අධ්‍යාපනය අනිවාර්ය කිරීමට රජය පියවර ගෙන ඇති බව වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

 

0 comments