ජනපති ප්‍රධානත්වයෙන් අඩුආදායම්ලාභී පවුල්වල දරුවන්ට ශිෂ්‍යත්ව !
දිනේෂ් වීරක්කොඩි පදනමේ අනුග්‍රහයෙන් අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් 500 දෙනෙකු වෙනුවෙන් එම ශිෂ්‍යත්ව ප්‍රදානය කෙරිණි.
එය සංකේතවත් කරමින් සිසුන් කිහිප දෙනෙකු වෙත ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම ජනාධිපතිතුමා අතින් සිදු විය.
මහා සංඝරත්නය ද, කතෝලික පියතුමන් ද, කන්‍යා සොහොයුරියන් ද අමාත්‍ය
ජෝන් අමරතුංග මහතා සහ දිනේෂ් වීරක්කොඩි මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට
එක්ව සිටියහ.
එම උත්සව අවස්ථාව අමතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය
කළේ රටේ අනාගතය සම්බන්ධයෙන් අධ්‍යාපනය ඉතා වැදගත් සාධකයක් වන අතර පරිපූර්ණ
පුද්ගලයෙක් ගොඩනැගීමට අධ්‍යාපනය ඉවහල් වන බවයි.
එමෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රයේ කෙරෙන ආයෝජන සඳහා වන දායකත්වය රටේ අනාගතයට සුවිශාල මෙහෙවරක් වන බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.
0 comments