මුතුරාජවෙලට කුණු බැහැර කිරීම තහනම්
පසුගිය 14 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කර තිබූ මූලික මිනිස්
අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගනිමින් මෙම නියෝගය නිකුත් කර තිබේ.
මේ අතර ලබන සිකුරාදා සිට මුතුරාජවෙලට කසල බැහැර කිරීම නතර කිරීමට
තීරණය කර ඇති බව මෙගා පොලිස් අමාත්‍ය චම්පික රණවක මහතා පවසයි. ඔහු පෙන්වා
දෙන්නේ ඊයේ (04) පැවති සාකච්ඡාවකින් පසුව මෙම තීරණයට එළඹි බවයි.
කොළඹ නගරයේ කසල මුතුරාජවෙල ප්‍රදේශයට බැහැර කිරීමට එරෙහිව ප්‍රදේශවාසීන්ගෙන්, පරිසරවේදීන්ගෙන් පසුගිය දිනවල දැඩි විරෝධයක් එල්ල විය.
0 comments