ලේක් හවුස් සභාපති සංචාරක ප්‍රධානියා වෙයි.


ලේක් හවුස් සභාපති කාවන් රත්නායක මහතා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා වශයෙන් පත් කර ඇත. 

ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන ඉහළම ආයතනය මෙය වන අතර මේ යටතේ ජාතික සංචාරක සැලැස්ම ක්‍රියාත්මක කිරීමේ වගකීම රත්නායක මහතාට පැවරෙනු ඇත. 

පෞද්ගලික අංශයේ අති දක්ෂ කළමනාකරුවෙකු ලෙස සැලකෙන රත්නායක මහතා ඉකුත් වසර දෙකක කාලය තුළ ලේක් හවුස් ආයතනයේ විශාල පරිවර්තනයක් ඇති කිරීමට නායකත්වය දුන්නේය. 

ආයතනයේ මූල්‍යමය ස්ථාවරත්වය ශක්තිමත් කළ රත්නායක මහතා ලේක් හවුස් පුවත්පත් වලට සමාජයේ යළි පිළිගැනීමක් ඇති කිරීමට විශාල මෙහෙවරක් ඉටු කළේය.

ඇමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ උපාධිධරයෙකු වන ඒ මහතා 1998 සිට 2007  දක්වා අයි.බී.එම්. සමාගමේ මෙරට ප්‍රධානියා වශයෙන් කටයුතු කළේය.

ඩයලොග් බ්‍රොඩ් බෑන්ඩ් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා වශයෙන් ද, ඩයලොග් ආසියාටා සහ කාර්ගිල්ස් සමාගම් වල ප්‍රධාන සමාගමික නිලධාරියා වශයෙන්ද කටයුතු කර ඇත.

0 comments