අර්වින්ගේ ශතකය නිසා සිම්බාබ්වේ කණ්ඩායම ප්‍රබල ස්ථානයක

පළමු කඩුලු 4 ලකුණු ලකුණු 70 ක් තුළ බිඳදැමීමට ශ්‍රී ලංකා පන්දු
යවන්නන් සමත් වුවද ඉන්පසු පිටියේ ස්ථාවර වූ ක්‍රෙග් අර්වින් දිනය නිමා
වනතෙක් කඩුල්ලේ රැඳී සිටිමින් ලකුණු 151 ක් ලබාගැනීමට සමත් විය. මෙය ඔහුගේ
දෙවැනි ශතකය මෙන්ම ටෙස්ට් දිවියේ හොඳම ඉනිමයි. මීට පෙර ඔහු නවසීලන්ත
කණ්ඩායමට එරෙහිව ලකුණු 146 ක් ලබාගෙන තිබිණි.
පස්වැනි කඩුල්ල සඳහා සිකන්දර් රාසා (36) සමග ලකුණු 84 ක සබඳතාවයක්
පැවැත්වූ අර්වින් හයවැනි කඩුල්ලට පීටර් මුවර් (19) සමග ලකුණු 41 ක් ද
හත්වැනි කඩුල්ලට මැල්කම් වොලර් (36) සමග ලකුණු 65 ක් ද එක්කළේය. දිනය
නිමාවන විට ඔහු සමග කඩුල්ලේ රැඳී සිටින ඩොනල්ඩ් තිරිපානෝ ලකුණු 24 ක්
ලබාගෙන සිටී. ඔවුන් දෙදෙනා අතර නවවැනි කඩුල්ලේ සබඳතාවය ලකුණු 62 කි.
තරගයේ දිවා විවේකයට පෙර තරගයේ පාලනය සියතට ගැනීමට රංගන හේරත් ප්‍රමුඛ
ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුවද දවා විවේකයෙන් පසුව එම පාලනය ගිලිහිණි.
පන්දු යැවීමේදී රංගන හේරත් ලකුණු 106 කට කඩුලු 4 ක් දවාගත් අතර අසේල
ගුණරත්න කඩුලු 2 ක් හා දිල්රුවන්, ලහිරු කුමාර එක් කඩුල්ල බැගිනි බිඳහෙළූහ.
හෙට තරගයේ දෙවැනි දිනයයි.
0 comments