හිටපු මන්ත්‍රී ජස්ටින් ගලප්පත්තිගේ පුතු යසසිරු අභිරහස් ලෙස මියගිහින්






එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජස්ටින් ගලප්පත්ති මහතාගේ පුත්‍රයෙකු වන
යසසිරු තිසර කුමාර ගලප්පත්ති (24) මාතර මඩිහ ප්‍රදේශයේ හෝටලයක කාමරයක් තුළ අභිරහස් ලෙස මිය ගොස් සිටියදී
ඊයේ(14) උදෑසන සොයා ගත් බව

මාතර මූලස්ථාන පොලීසිය වාර්තා කරයි.
 මාතර පඹුරණ පදිංචිව සිටි යසසිරු ව්‍යාපාරිකයෙකි. ඔහු එම හෝටලයේ ඊට පෙර දින රාත්‍රී ලැගුම් ගෙන ඇති නමුත් ඔහු මරණයට පත්වූ ආකාරය පැහැදිලි නැත.
පවුලේ සාමාජිකයින් දන්වා ඇත්තේ මෙම මරණය සැකසහිත බවයි.ඒ අනුව පොලිසිය මගින් මේ ගැන විශේෂ පරීක්ෂණයක් අරඹා ඇත.
මියගිය අය දකුණු පළාත් සභා මන්ත්‍රී චතුර ගලප්පත්ති මහතාගේ බාල සහෝදරයා ද වේ.
මියගිය යසසිරු මාතර රාහුල හා කොළඹ රාජකීය විදුහල්වල ආදි සිසුවෙකි.


0 comments