මුහුදේ අතරමං වූ අලි පැටියා නාවික හමුදාවෙන් බේරා ගත් හැටි



මුහුදේ අතරමං වූ අලි පැටියා නාවික හමුදාවෙන් බේරා ගත් හැටි 
 
මෙම අලි පැටවා සොයාගනු ලැබුවේ වෙරළ තීරයට කිලෝමීටර 16 ක් පමණ ඈතින් වීම විශේෂත්වයකි. සිය හොඬවැල නිරන්තරයෙන් ම ජල මට්ටමට ඉහළින් තබාගනිමින් මරණයෙන් බේරෙන්නට වෑයම් කරන ආකාරය මෙහිදී දක්නට ලැබිණි. වාසනාවකට එතැනින් ගිය නාවික හමුදා මුර සංචාරක බෝට්ටුවක් විසින් මේ අලි පැටවා ව දැකීමෙන් අනතුරුව බේරාගැනීමේ මෙහෙයුම ලහිලහියේ ආරම්භ කෙරිණි. මෙහිදී සිදු කෙරුණේ රැහැන් පොට කිහිපයක් අලි පැටවා වටා පටලවා ඌව සෙමෙන් සෙමෙන් ගොඩබිම කරා රැගෙන ඒමයි. මේ සඳහා පැය ගණනාවක් ගත විය.
සාමාන්‍යයෙන් අලි ඇතුන් හොඳ පිහිනුම්කරුවන් වන අතර මෙසේ මුහුදේ අතරමං වන අලි ඇතුන් පිළිබඳ අසන්නට ලැබෙන්නේ ඉතා කලාතුරකිනි. මේ නිසා විශ්වාස කෙරෙන්නේ මෙම අලි පැටවා නොගැඹුරු මුහුදේ පිහිනමින් හෝ දිය නාමින් සිටින අතරවාරයේ දිය වැලකට හසු වී කිලෝමීටර 16 ක් තරම් ඈතට ගසාගෙන යන්නට ඇති බවයි.
අලි පැටවා මේ වන විට සුවයෙන් පසු වේ.
- අමාලි ජයවීර
අලි පැටවා බේරාගත් වීඩියෝව මෙතැනින්.
[youtube height="300" width="560" align="left|right|none"]http://www.youtube.com/watch?v=p7XMHNdY2Ss[/youtube]

0 comments