වාර්තා පොත් අලුත් කරන එංගලන්ත - දකුණු අප්‍රිකා පළමු ටෙස්ට් තරගය අද
තරගාවලියේ පළමු තරගය ඓතිහාසික ලෝර්ඩ්ස් ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.
තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්ත නායකයා පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.
අද තරගයේදී එංගලන්තය මෙහෙයවීම ජෝ රූට්ට පැවරී ඇති අතර එංගලන්ත හිටපු
නායක ඇලස්ටෙයාර් කුක් නායකත්වයට සමුදීමෙන් පසුව එංගලන්ත ක්‍රිකට් ආයතනය ජෝ
රූට් ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය සඳහා තෝරා ගත්තේය. තවමත් 26 හැවිරිදි ජෝ
රූට් මේ 2012 වසරේදි ටෙස්ට් වර්ණ දිනාගත් අතර මේ වනවිට තරග 53 කදී ශතක 11
ක් සමග ලකුණු 4594 ක් ලබාගෙන තිබේ. ඒ අනුව ජෝ රූට් එංගලන්ත ටෙස්ට් කණ්ඩායම
මෙහෙයවන 80 වැනි ක්‍රීඩකයා වේ. විශේෂත්වය වන්නේ දකුණු අප්‍රිකානු කණ්ඩායමද
නව නායකයකෙු යටතේ මෙම තරගයට මුහුණදීමයි.
දකුණු අප්‍රිකානු නිත්‍ය නායක පැෆ් ඩුප්ලෙසි ආබාධයක් හේතුවෙන් මෙම
තරගයට සහභාගි නොවන අතර ආරම්භක පිතිකරු ඩීන් එල්ගා තාවකාලික නායකයා ලෙස
නම්කර තිබේ. 2012 වසරේ ටෙස්ට් කණ්ඩායමට එකතු වූ එල්ගා මේ වනවිට තරග 35 කදී
ශතක 7 ක් සමගින් ලකුණු 2002 ක් ලබාගෙන තිබේ.
ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් අනුව දකුණු අප්‍රිකාව දෙවන ස්ථානයේ සහ
එංගලන්තය සිව්වන ස්ථානයේ සිටින අතර තරගාවලියේ ප්‍රතිඵල මත දකුණු
අප්‍රිකානුවන්ට ශ්‍රේණිගත කිරීම්වලට පළමු ස්ථානයට පත්වීමට අවස්ථාව තිබේ.
කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයන් තිදෙනා බැගින් පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල සහ
පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල පළමු දසදෙනා අතර සිටින බැවින් මෙම
තරගාවලිය ඉතා උණුසුම් මුහුණුවරක් ගනු ඇත.








0 comments