බලාගෙනයි: පාම් ඔයිල් කලවම් පොල්තෙල් වෙළඳපොලේ

පොල් මිල සීග්‍රලෙස ඉහළයාම නිසා මේ වන විට වෙළදපොලතුළ පාම් ඔයිල් කවලම්කරන ලද බාල පොල්තෙල් අලෙවි කිරීමට ව්‍යාපාරිකයින් කටයුතු කරන බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය අනාවරණය කළේය.
පොල් මිල ඉහළ යාම නිසා වෙළදපොල තුළ බාල පොල් තෙල් අළෙවි වන බැවින් පාරිභෝගික කටයුතු අධිකාරියේ විධාන අංක 62 (අංක 1987/50 දරණ ගැසට් පත්‍රය) වහා ක්‍රියාත්මක කරන මෙන් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය ඉල්ලා සිටී.
පාරිභෝගික කටයුතු අධිකාරිය වෙත ලිපියක් යවමින් එම ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා මේ බව සඳහන් කර ඇති අතර එම ලිපිය පහතින්,
හසිත තිලකරත්න මහතා
සභාපති
පාරිභෝගික කටයුතු අධිකාරිය
කොළඔ 02
සභාපතිතුමනි"
පොල් මිල ඉහළයාම නිසා වෙළදපොලතුළ බාල පොල් තෙල් අලෙවිවන බැවින් පාරිභෝගික කටයුතු අධිකාරියේ විධාන අංක 62 (අංක 1987/50 දරණ ගැසට් පත්‍රය)වහා ක්‍රියාත්මක කරන්න.
පොල් මිල සීග්‍රලෙස ඉහළයාම නිසා මේ වන විට වෙළදපොලතුළ පාම් ඔයිල් කවලම්කරන ලද බාල පොල්තෙල් අලෙවි කිරීමට ව්‍යාපාරිකයින් කටයුතු කරන බව අප කල නීරීක්ෂණයකින් වලින් අනාවරණය වී ඇත. එසේ කිරීම පාරිභෝගිකයාගේ සෞඛ්‍යයට අහිතකර මෙන්ම පාරිභෝගිකයා රැවටීමකට ලක් කිරීමකි.
එම නිසා අප සංවිධානය ඔබතුමාගෙන් ඉල්ලා සිටින්නේ පාරිභෝගික කටයුතු අධිකාරී පනතේ 10(1)(ආ) වගන්තිය යටතේ 2016-10-7 සාදන ලද අංක 1987/50 දරණ ගැසට් පත්‍රය ක්‍රියාත්මක කිරීම සදහා වහා කටයුතු කරන ලෙසයි.
අදාල ගැසට්පත්‍රය2017 මාර්තු මස පළමුදින සිට ක්‍රියාත්මක කල යුතු වුවද තවම එය කියාත්මක කර නැත.
ස්තුතියි මෙයට
රංජිත් විතානගේ - සභාපති

0 comments