ලොව බිහිවූ සුපිරි නායකයින් වන මහේල පොන්ටින් පරදා කොලී තැබූ වාර්තාව මෙන්න
මෙහිදී වැදගත්ම කරුණ වන්නේ විරාත් කෝලි නායකත්වයි ඔහුගේ නායකත්වයෙන් එක දිගට ජයගත් නවවෙනි තරගය වෙයි (Clive Lloyd and Ricky Ponting) එතෙක් මෙතෙක් ලොව බිහිවූ හොදම ක්‍රිකට් නායකයන් වන ක්ලිව් ලොයිඩ් සහ රිකි පොන්ටින් ගේ වාර්තා බිද හෙලීමට විරාත් කෝලි සමත් වීම මෙහිදී වැදගත්වෙයි
විරාත් කෝලිගේ නායකත්වය හමුවේ ඉන්දියානු කණ්ඩායම අවසානයේ තරග කල තරග 36 න් 28 ක්ම ජයග්‍රහණ කිරීමට හැකිවී ඇත.මෙය ලෝක වාර්තාවකි , 77.77% ක ජයග්‍රාහී ප්‍රතිශතයක් පවත්වා ගැනීම සදහා ඔහු සමත් වී ඇත මීට පෙර මෙම වාර්තාවට හිමිකම් ලැබුවේ බටහිර ඉන්දියානු කණ්ඩායමේ ක්ලිව් ලොයිඩ් වන අතර දෙවන තැන හිමිකරගත්තේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ රිකි පොන්ටින් ඔහුගේ ජයග්‍රාහී ප්‍රතිශතය 71.73 වේ.ශ්‍රී ලංකාවේ මහේල ජයවර්ධන ලොව බිහිවූ සුපිරි ගනයේ නායකයෙක් වන අතර ඔහු පිටිය තුල ගන්න තීරණ ශ්‍රී ලංකා ජයග්‍රහණ සදහා බෙහෙවින් ඉවහල් වී ඇත. ඔහුගේ ජයග්‍රාහී ප්‍රතිශතය 47.36 වෙයි
කෙසේ වෙතත් දිනෙන් දින ලෝකවාර්තා තබන ඉන්දියානු කණ්ඩායම විද්රත් කෝලිගේ නායකත්වයේ ක්‍රිකට් ඉතිහාසය වෙනස් කරනු ඇතැයි ක්‍රිකට් විචාරකයි වැඩි දුරටත් පවසයි.
0 comments