ලේලියගේ පින්තුර යවා තරුණයකු රවටා මුහුණු පොතෙන් පෙම් කල අත්තම්මාගේ පෙම දෙදරයි මෙන්න වෙච්චි වැඩේ

ලේලියගේ පින්තුර යවා තරුණයකු රවටා මුහුණු පොතෙන් පෙම් කල අත්තම්මාගේ පෙම දෙදරයි මෙන්න වෙච්චි වැඩේ
වසර 3 1/2 තිස්සේ දුරකතනයෙන් පෙම් බස් දොඩමින් සිටි පෙම්වතිය සොයා නිවසට ආ අවස්තාවේ ඇය වයෝවෘද්ධ දෙදරු මවක බව දැනගන්නට ලැබීමෙන් වික්ෂිප්තවූ රජරට පෙදෙසේ තරුණයෙකු තම දෙමාපියන් ඇතුලූ නෑදෑ හිතවතුන් සමග යුතුව ආපසු ගිය බව මීරිගම ප‍්‍රදේශයේ ගම්මානයකින් පසුගියදා අපට වාර්තා විය
තම පුතුගේ මිතුරකු නිවසට ආ අවස්ථාවේ එම අයගේ දුරකතනයේ තිබූ අංකයක් සොරා ගත් මේ දෙදරු මව වරින් වර එම දුරකතන අංකයට කතාකරමින් පුතුගේ මිතුරාගේ ඥාතියෙකු සමග සම්බන්ධතාවයක් ගොඩ නංවා ගෙන ඇත ඇය තමන්ගේ ඡයාරූපයක් කියා තම පුතුගේ බිරියගේ ඡයාරූපයක් තරුණයාට යවා ඇත
එය දැකීමෙන් පසු මේ තරුණයා තම දුරකතන පෙම ගැන දෙමාපිය වැඩිහිටියන්ද දැනුම්වත් කරනු ලැබ ඇති අතර සුදුසු අවස්තාවක ගොස් මනාලිය බලා විවාහය තීන්දු කරගන්නට වැඩිහිටියෝ කතිකා කරගෙන ඇත
මේ වනවිට දුරකතන යෙන් පෙම් බස් දෙඞීමට අමතරව දෙදෙනා ලිපි මගින්ද තොරතුරු හුවමාරු කරගෙන තිබූ නිසා ඇගේ ලිපිනයද මේ පෙම්වතා අතට පත්ව තිබිනිඉකුත් දිනක වෙනත් ගමනක් යන අතරදී මේ පෙම්වතියගේ නිවසට ගොඩවැදී යන්නට තරුණයාගේ වැඩිහිටියන් තීරණය කලහ
ඒ බව මේ පෙම්වතා පෙම්වතියට දැනුම්දුන් අවස්ථාවේ ඇය ඊට එක හෙලා විරෝධය පල කර තමන් මේ බව තවමත් අම්මාටවත් කියා නැති බව පවසා තිඛේ
නමුත් දෙමාපියන්ගේ තීරණයට විරුද්ධ විය නොහැකිවූ තරුණයා මේ ගමනට එක්වූයේය
පෙම්වතා ඇතුලු පිරිස ඇගේ ගමට පැමිණ තැපැල් කන්තෝරුවට ගොස් ලිපිනය පෙන්වා නිවසට යන පාර ඇසුවේය’ මේ අර පුතාගේ අම්මාගේ ලිපිනයනේ කියූ තැපැල්කරු පාර කියා දේදදී පෙම්වතාට හීීන් දාඩිය දැම්මේය
නිවසට ගොස් පරීක්ෂා කර බැලීමේදී සියලුම සත්‍ය හෙළිවිය
ලේලිය මෙන්ම දුරකතන පෙම්වතාද මේ අපූරු පෙම්වතියට ඇමතුම් ගත්තත් ප‍්‍රතිචාරයක් නොවීය කළ හැකි දෙයක් නොවූ තැන මේ පිරිස ආපසු පිටව ගියේ නීතිමය පියවරක් පසුව ගන්නා අදහස ඇතිවය
මේ දෙදරු වියපත් මව තවමත් නිවසට පැමිණ නැති නිසා ඇය සොයන්නට පුතුන් ද වෙහෙසෙමින් සිටින බවද අපට දැන ගන්නට ලැබිනි

0 comments