”එක මොහොතක් මගේ ලඟින් ඇවිත් හිඳින්න.. මට ඒ ඇති තව තත්පරයක් ජීවත් වෙන්න..”
මා නෙතු පියවන්නට පෙර
එක මොහොතක් මගේ ලඟින් ඇවිත් හිඳින්න..
මට ඒ ඇති තව තත්පරයක් ජීවත් වෙන්න..’
මේ පද ගීතයක් ලෙස සකසන්නැයි උදයකාන්ත වර්ණකුලසූරියගේ චිත්රපට රැසක සංගීත අධ්යක්ෂවරයා වූ නඳුන් රත්නායකට තරුණ රංගන ශිල්පියෙකුගෙන් ආරාධනයක් ලැබුණේ දැනට සති කිහිපයකට පෙරයි.
පසුව එම පද සමගින් ගීතය ලියා තනු නිර්මාණය කර සංගීත් කොඩිතුවක්කුගේ ගායනයෙන් පැලවත්ත සුනෙත් කැලුම්ගේ ශබ්ධාගාරයේ එය පටිගත කර තිබෙනවා.
ගීතය සැකසීමට දුන් එම රංගන ශිල්පියා ගුණදාස කපුගේට ආදරය කරන්නකු වන අතර සංගීත් කොඩිතුවක්කුට එය ගායනය සඳහා ලබාදී ඇත්තේ ඔහුගේ හඬ කපුගේට සමාන බව පවසමිනුයි.
පසුව එම ගීතය යොදා ගනිමින් මියුසික් වීඩියෝවක් කිරීම සහ එහි රඟපෑම තමන්ම සිදු කිරීමයි රංගන ශිල්පියාගේ අදහස වී ඇත්තේ.
එම රංගන ශිල්පියා මේවනවිට ජීවිතය හැර ගොසිනි.
ඔහු දිවි නසා ගත් දසුන් නිශාන් ජනප්රිය රංගන ශිල්පියායි.
එම ගීතය පහතින් ඇසිය හැකියි.
0 comments