පුංචි සබ්මැරීනය මුහුදේ අත්හදා බැලීමේ චාරිකාවක නිරත ව සිටිය දී ජීවිතක්ෂයට පත් වූ ඩෙන්මාර්ක මාධ්‍යවේදිනිය

නිවසේ දී නිෂ්පාදනය කරන ලද සබ්මැරීනයක අත්හදා බැලීමේ චාරිකාවක නිරත ව සිටිය දී ජීවිතක්ෂයට පත් වූ ඩෙන්මාර්ක මාධ්‍යවේදිනියකගේ හිස සහ දෙපා එරට ආරක්ෂක විසින් සොයා ගෙන තිබෙනවා.
කිම් වෝල් (Kim Wall) නමැති මේ මාධ්‍යවේදිනිය අදාළ සබ්මැරීනය නිෂ්පාදනය කළ පුද්ගලයා සමග එම චාරිකාවට එක් ව තිබූ අතර එහි දී සබ්මැරීනය මුහුදුබත්වීමෙන් පසු එය නිෂ්පාදනය කළ පුද්ගලයා ගලවා ගැනීමට එරට ආරක්ෂක අංශ කටයුතු කර තිබුණා.
කෙසේ වෙතත්, ඩෙන්මාර්ක පොලිසිය විසින් ඔහුට එරෙහිව එම මාධ්‍යවේදීනිය ඝාතනය කිරීමේ චෝදනා ගොනු කර තිබෙන බවයි වාර්තා වන්නේ. මීට පෙර එම මාධ්‍යවේදිනියගේ ශරීරයේ අනෙකුත් කොටස් කෝපන්හේගන් නුවර වෙරළට ගොඩගසා තිබිය දී සොයා ගෙන තිබූ බව විදෙස් වාර්තා සඳහන් කරනවා. ඇයගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.

0 comments