"පිං මද පුතුන් සියයක් ලදුවත් නිසරු... ගුණ නැණ බෙලෙන් යුතු පුතුමය ඉතා ගරු..".
එසේම උසාවි දිනය දැනුම් දී තිබියදීත් මා හට සිදු වූ කරදර සහ දුරකථන ඇමතුම් මගින් "මම උඹව අදත් හප්පනව, බලාගෙන පලයං"කියමින් තර්ජනය කිරීම් සිදුකල අතර අවැසි නම් සාක්ෂි සමගම සනිටුහන් කිරීමට කැමැත්තෙමි. සිදුවීම වූ අවස්ථාවේ දී නිකමට හෝ "මල්ලි sorry බං, උඹට ඕක insurance එකෙන් හදා ගන්න බැරිද" කියා ඇසුවේ නම් හෝ "මං ගාව සල්ලි නෑ බං මල්ලි" කිව්වා නම් මෙය මෙතරම් දුරදිග නොයනු ඇත. මා ඔහුගේ රථය ඉදිරියේ සිටියදී මා හප්පාගෙන යන්නට සහ ඔහුව නැවැත්වීමට පැමිණි පුද්ගලයාට ද වහසි බසින් බැණ වැදුණු බව නොරහසකි. එයට අසල සිටි අය සාක්ෂි දරනු ඇත. එසේම ඔහු පවසන පරිදි මා රථයට නව බෆරයක් ඉල්ලානොසිටි අතර මා පවසා සිටියේ තක්සේරු වාර්තාව අනුව පිලිසකර කර දෙන ලෙස ය. එසේම ඔහුගෙන් එය පිලිසකර කර දෙන ලෙස ලිඛිතව තහවුරු කිරීමක් ඉල්ලා සිටි අතර ඔහු සහ ඔහුගේ සගයන් කිහිපදෙනෙකු එයද ප්‍රතික්ෂේප කළේය. එබැවින් ඔහු නොව මුලින්ම මා විසිනි නීති මගට යොමු වූයේ. තවදුරටත් පැහැදිලි කරනු වස් ඔහුගේ ප්‍රකාශයට අනුව පොලිස් ස්ථානයට පැමිණීමට නියමිතව තිබුනේ පෙරවරු10.30 ට නොව පෙරවරු 9.30 ට ය. ඔහු ඒ වනතුරු ද නොපැමිණි බැවින් මා පෙරවරු 10.34 ට ඔහුට ඇමතූ විට ඔහු පවසා සිටියේ ජුබිලි කණුව අසල එන ගමන් කියා ය.එම ස්ථානයේ සිට දැඩි මාර්ග තදබදයක් තිබුනද මිරිහාන පොලිස් ස්ථානයට පැමිණීමට ගතවන්නේ විනාඩි කිහිපයක් පමණි. නමුත් ඔහු පෙ.ව.10.45 ට නොපැමිනියේය. ඔහු පැමිණියේ පෙ.ව. 11.40 ද පසූ විය.
මා තනිව පොලිස් ස්ථානයට පැමිණ සිටි බැවින් ඔහු සහ ඔහුගේ සගයන් මා අවතක්සේරු කර ඇත. එසේම මා බිය කර අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට ය. කිසි දිනෙක යමෙකු පෙනුමෙන් මැන බැලීම සිදු නොකරන්න.මන්ද යත් එය අනුවණ ක්‍රියාවකි. තවදුරටත් ඔබ බොරු ප්‍රකාශ පැවසීමෙන් සිදුවන්නේ ඔබේම නිරුවත ඔබ විසින්ම මනාවට ප්‍රදර්ශනය කර ගැනීමකි.
මුලින් ඔහූගේ ප්ර්රකාශය පරිදි වැරැද්දක් නැති බව පැවසුවත් ,පසු සටහනට අනුව වරද පිලිගැනීම පිළිබඳව මා හදවතින්ම ඔහූට කෘතඤ වෙමි. එසේම ඔහු කලින් කී දේ සහ නව ප්‍රකාශය අතර පරස්පරතා බව බුද්ධිමත් සමාජයට තේරුම් යනු ඇත.මා කලින් පැවසූ දෙයෙහි සත්‍යතාව 100%කින් තහවුරු කරන අතර මාගේ Facebook සවිස්තර සහ දුරකථන අංකය අවශ්‍ය නම් මෙහි සඳහන් කිරීමට පසුබට නොවෙමි.. මෙය කිසිවෙකුටත් මඩ ප්‍රහාර එල්ල කිරීමක් නොව හුදෙක් පුද්ගලයන් පිළිබඳව සැබෑ තතු සහ ස්වරූපය සමාජය වෙත විදහා දැක්වීමකි.තවමත්
.
මිනිසකු බ්‍රාහ්මණයෙකු හෝ වසලයෙකු වන්නේ ඔහුගේ උපතින් නොව ක්‍රියාවෙනි.
0 comments