ලංකාවෙ ටජ්මහල ගැන දැනගන්න කියවන්න.

මේක නං ආදර කතාවක්...
අහල තියනවද
ලංකාවෙ ටජ්මහල ගැන...?
මේ පින්තූරෙ තියෙන්නෙ ඒ ලංකාවෙ ටජ් මහල තමයි...
කතාව මුල ඉදල කියන්නංකො...
රාජසිංහ රජතුමාගෙ කාලෙදි ඉදල තියනව "දොඩම්පෙ ගණිතයා" කියල හරි දක්ෂ දෛවඥයෙක්...
දොඩම්පෙ ගණිතයා කොයි තරම් දක්ෂද කිව්වොත් රජ වාසලට පවා නැකැත් හදල තියෙන්නෙ දොඩම්පෙ ගනිතයාමයි...
ඉතිං මේ දොඩම්පෙ ගණිතයාට උන්නලු හරිම ලස්සන දෝණියැන්දැ කෙනෙක්..
ඒ පලාතටම උන්නෙ නැතිලු ඒ වගේ ලස්සන ලමිස්සියක්..
මලක් වගේ ලස්සන නිසා මේ දැරිවිට නම වැටුනෙ "මල්වතී" කියලලු..
මේ මල්වතීව කරකාර බදින්ට උන්නෙ රාජසිංහ රජතුමාගෙ මුණුපුරෙක්..
ඒ කුමාරයගෙ නම රාජසූරිය කුමාරයා...
දවසක් දා රාජසිංහ රජතුමා පෙතන්ගොඩ උයනට යනකොට ගනේගොඩ කියන ගමේදි පීල්ලකින් දිය නාන හරිම ලස්සන දැරිවියක් දැක්ක..
ඒ වෙන කවුරුවත් නෙවෙයි...
දොඩම්පෙ ගණිතයගෙ දුව මල්වතී..
මල්වතීව දැක්ක ගමන් රාජසිංහ රජතුමාගෙ හිත මල්වතීට බැදුණා..
රජතුමා මල්වතීව රජ මාලිගයට ගෙන්නා ගත්තා...
නිකම්ම නිකං යකඩ දෝලියක් විදිහට නෙවෙයි.. අග බිසව කරලාම සරණ පාවා ගත්තා...
ඒ වෙනකොට මල්වතීට වයස අවුරුදු දහඅටක්ලු.. රාජසිංහ රජතුමාට වයස අවුරුදු හැටකුත් වෙලා...
තමන් කර කාර බදින්ට උන්නු ආදරවන්තියව උදුර ගත්ත නිසා රාජසූරිය කුමාරයා රාජසිංහ රජතුමා එක්ක වෛර බැද ගන්නව....
තමන්ගෙ පුංචි දෝණිව මහලු රජතුමා කරකාර බැදගත්තු එකට දොඩම්පෙ ගණිතයත් රාජසිංහ රජතුමත් එක්ක වෛර බැද ගන්නව..
රාජසිංහ රජතුමා මල්වතී බිසවට ගොඩක් ආදරය කරනවා...
ඒත්...
ටික කලකින්ම මල්වතී බිසවට වසංගත රෝගයක් හැදෙනව..
බිසවව සනීප කරගන්න රජතුමා ගොඩක් උත්සාහ කරනවා.. මුලු රාජධානියම පීරලා හොදම වෙද්දු ගේනවා...
ඒත් පලක් වෙන්නෙ නෑ...
මල්වතී බිසව මිය යනවා...
රජතුමා ගොඩක් දුක් වෙනවා...
මල්වතී බිසවට තිබුන ආදරේ හින්ද බිසව සිහිවෙන්ට පත්තිනි දේවාලයක් හදවනවා...
ඒ පත්තිනි දේවාලෙ තමයි අද මැදගොඩ පත්තිනි දේවාලෙ කියල කියන්නෙ...
ඒ මැදගොඩ පත්තිනි දේවාලෙ තමයි මේ පින්තූරෙ තියෙන්නෙ...
ආදරේ වෙනුවෙන් ලංකාවෙ ගොඩ නගපු සිහිවටනයක් හින්ද සමහරු මේකට ලංකාවෙ ටජ් මහල කියලත් කියනව...
රාජසිංහ රජතුමාගෙ මරනෙට මේ ආදරෙත් එක හේතුවක් වුනා...
ඒ කතාව පස්සෙ කියන්නං...

0 comments