බාමියන් පුදු පිළිම
ඇෆ්ගනිස්ථානය හසරජාත් පළාතේ බාමියන් නිමිනයේ ඇති පර්වත මුදුනේ ඉදි කළ බුදු
පිළිම බාමියන් පුදු පිළිම ලෙස හැදින්වෙි. බාමියන් නිමිනය ඇත්තේ
ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවරට කි මි 230ක් වයඹ දෙසින් මුහුදු මටිටමෙි සිට
මීටර 2500ක් උසිනි බාමියන් බුදු පිළිම ඉදි කරනු ලැබුයේ 6 වැනි සියවසේදීය.
මෙම බුදු පිළිම ඉන්දු ගීක මූර්ති ශිල්ප අනුව කළ උසස් නිර්මාණ ලෙස සැලකේ.
මෙම පිලිම වල විශේ්ෂ කොටස් පර්වතයේ ඇති වැලි ගලින් නෙළා සියුමි කොටස්
පිදුරු හා මැටි එකතු කළ බදාමයකින් නිර්මාණය කර තිබෙි. මුහුණු අත් හා සිරැරැ
කොටස් විවිධ වර්ණවලින් හැඩගන්වා තිබෙන්නට ඇතැයි සැලකේ. පිළිමවල අත්වල පහළ
කොටස් මැටි සහ පිදුරු සමග එකතු කොට බදාමවලින් නිමවා ලී ආරැක්කු යොදා සවි කර
තිබෙන්නට ඇත. මුහුණුවල ඉහළ කොටස් දැව ආවරණවලින් හෝ වාත්තු කළ ඒවා මගින්
නිමවා තිබු බවට විශ්වාස කරේ. දැනට පිළිමවල ඡායාරූපවල තැනින් තැන දක්නට
ලැබෙන සිදුරු ආරුක්කුවලට යොදාගත් දැව සවි කර තිබෙි.
බාමයන් නිමිනය පිහිටා ඇත්තේ ඉපැරණි සේද මාවතේය බටහිර ආසියාවත්
චීනයත් අතර වෙළද කටයුතු සිදුවුයේ මෙම සේද මාවත ඔස්සේය. එකළ චීන නිෂ්පාදන
අතර කැපි පෙනෙනු සේද රෙදි යුරෝපයේ රටවල වෙළද පොළවලට ගෙන ගියේ මෙම මාර්ගය
නිසා මෙය සේද මාවත යනුවෙන් නමි කරනු ලැබීය. කි ව 11 වන සියවස තෙක් මෙම
බාමියන් පෙදෙස අයත් වූයේ ගන්ධාර රාජධානියටය එහි බෞද්ධ ආරාම ගණනාවක් තිබු
අතර ගාන්ධාර බෞද්ධ දර්ශනය හා බුද්ධාගමට මෙන්ම ඉන්දු ගීක කලා නිර්මාණවල
කේන්දස්ථානයක් විය. දෙවනි සියවස සිට නව වැනි සියවසේ ඉස්ලාමික ආකමණය තෙක්
එහි බෞද්ධ ආගමික පසුබිමක් පැවතියේය.
බාමියන් පිළිම 2001 දී මුල්ලා මොහොමඩි ඔමාර්ගේ නියෝගය මත තලේබාන්වරුන්
විසින් ඩයිනමයිඩි දමා පුපුරැවා ඇත. මෙයට හේතුව වූයේ තලේබාන් රජය විසින් මෙම
පිළිම මුස්ලිමි ෂාරියා නීතිය යටතේ තහනමි කිරීම.
බාමියන් නිමිනයේ ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක
වැදගත්කම සලකා යුනෙස්කෝ සංවිධානය මගින් නමි කළ යුනෙස්කෝ ලෝක උරුමයන් අතරට
මෙම බුදු පිළිම අයත් විය. මෙම පිළිම ගීක සමිපදායෙන් ආභාශය ලැබූ ඒවාය. මහ
ඇලෙක් සැන්ඩර් අ්ධිරාජයා මින් වසර 10ට පමණ පෙර මධයම ආසියාව අල්ලා ගැනිමෙන්
පසු එහි ආභාසය ලැබෙන්නට ඇතැයි විශ්වාස කෙරේ.
අන්තර්ජාලයෙනි
0 comments