කාන්තා නාන ඇදුමේ කතන්දරේ


ඔන්න ඉතිං කැත විදිහට හිතන්ට එපා..
දැනගන්ටයි කියන්නෙ..
පීනන එක කවුරුත් කැමති දෙයක්නෙ..
ඉස්සර.. ඒ කියන්නෙ 1800 ගනන් වල..
ගෑනු උදවියට පීනන්ට සිද්ද උනෙත් හරි අමාරුවෙන්..
ඒ මොකද දන්නවද..
ඇමරිකාව එංගලන්තෙ වගේ රටවල පවා
ගෑනු උදවියට ප්‍රසිද්ධියෙ නාන ඇදුම අදින්ට තහනම් වෙලාලු තිබුනෙ..
එංගලන්තෙදි නං බවලත් උදවියට නාන ඇදුමක් නීතියෙන් නියම කරලාත් තිබුනලු..
බර වූල් වලින් ගොතපු
දණිස්සට වෙනකල් දිග සායකුයි,
දණිස්සට වෙනකල්ම ලේස් ගැටගහපු ලෙදර් සපත්තුයි එක්ක..
ඔය ඇදුමත් ඇදගෙන පීනන්ට ගිහින් සමහර නෝනලා
දියේ ගිලිල හෙම හරි හරි අකරතැබ්බත් වෙලා තියෙනව..
මේ වැඩේ මෙහෙම කරන්ට බැහැනෙ කියල
1902 දි ඇග්නස් බෙක්විත් කියන පීනුම් සූරිය, ඇමෙලියා බ්ලූමර් කියන මෝස්තර නිර්මාණ ශිල්පිනිය එහෙම එක්කහු වෙලා බවලත් උදවියට ගැලපෙන
පීනුම් ඇදුමක් හදල තියෙනව..
මේ ඇදුම නං කපු රෙද්දෙන් මහල
කලින් ඇදුමට වඩා පීනන්ට ලේසි වෙන විදිහටයි හැදුවෙ..
ඒත් ඉතිං ටික දවසක් යනකොට
සුදු නෝනලා ටික ඔය ඇදුමත් ටිකින් ටික මොඩිෆයි කරන්ට ගත්තලු..
ඒ හන්දා ඒ කාලෙදි
මිනිස්සු පීනන්ට එන වෙරල තීර වලට පොලිස් මහත්තුරුන්ව හිටං දැම්මලු..
මේ පීනුම් නෝනලා නැහැදිච්චි විදිහට ඇදුම් අදිනවද බලන්ට..
එහෙම චෙක් කරලා බලන පොලිස් මහත්තයෙක් තමා ඔය පින්තූරෙ ඉන්නෙත්..
දණිස්සෙ ඉදන් ඉහලට අගල් තුනකට වඩා කොට ඇදුමක් නං
එහෙම ඇදන් ඉන්න නෝනලාට දඩ ගැහුවලු.
සුදු නෝනලත් අතඇරියෙ නෑ..
“පිරිමි උදවියට පුංචි ඇදුම් කෑල්ලක් ඇදගෙන පීනන්ට පුලුවන් නං අපිට බැරි මොකද..“ කියල
දිගින් දිගටම සටන් කරල තියෙනව..
ඇනට් කෙලර්මන් කියන ඔස්ට්‍රේලියානු ජාතික සුදු නෝනා
ඔය විදිහට නාන ඇදුම වෙනුවෙන් හටන් කරන්ට ගිහින්
“ප්‍රසිද්ධියෙ අසභ්‍ය ඇදුමින් හැසිරුනාය“ කියල
අත්අඩංගුවටත් අරන් තියෙනව..
ඒත් කෙලර්මන් නෝනට ඒකත් විනෝදයක් උනාලු..
නාන ඇදුම වෙනුවෙන් සටන් වැදිල ලැබෙන අවමානයත් ලොකු දෙයක් උනාලු..
ඊට පස්සෙ..
1920 ගනන් වලින් පස්සෙ..
දැන් ඔය අදින නාන ඇදුම නිර්මානය කරගන්ට ඇහැකි උනාලු
ඒ නෝනලට ස්තුති වෙන්ට..
අනේ ඉතින් ඊට පස්සෙ...
ඊට පස්සේ ආපු නාන ඇදුම් ගැන නං කතා කරලාම වැඩක් නැති නිසා
ආයෙ මොකුත්ම ඒ ගැන කියන්නෙ නෑ..!
නිම්මි මුදිතා

0 comments