පෘතුවියෙන් පිට ජීවයක් තිබේද?

පෘතුවියෙන් පිට ජීවයක් තිබේද?... මේ ප්‍රශ්නය එදා මෙදා තුර විද්‍යාඥයන් අතර මෙන්ම සාමාන්‍ය ජනතාවත් අතර තිබුණු ගැටළුවක්.මේ ප්‍රශ්ණයට සරලම පිළිතුර... ඔව් පෘතුවියෙන් එහා ජීවිතයක් තිබෙනවා... ඒත් කොහෙද තියෙන්නේ? ඒක තවමත් කාටවත් විසඳන්න බැරි වුණ ප්‍රශ්ණයක්.මෑතකදී තාරකා විද්‍යාඥ කණ්ඩායමක් පෘතුවියේ ජෛව විද්‍යාත්මක ඉතිහාසය මූලික කරගෙන පිටසක්වළ ජිවයක් පවතින ග්‍රහලොවක් ගැන ආකෘතියක් නිර්මාණය කරනු ලැබුවා. මේ ආකෘතියට අනුව අපි පිටසක්වළ ජීවයක් හොයනවානම් දම් පාට ගැන වැඩි අවධානයක් යොමු කරන්න වේවි.
අපි වඩ වඩාත් වෙනත් තරු වටා ජෛව කලාපයක කක්ෂගත වෙලා තිබෙන ග්‍රහලෝක හොයාගන්නා විට "ඇත්තටම මේ විශ්වයේ අපි තනි වෙලාද?" කියන ප්‍රශ්ණය අපිට තදින්ම දැනෙන්න පටන් ගත්තා.අනිවාර්යයෙන්ම අපි ඉතාමත් ඉක්මනින්ම පෘතුවියේ ප්‍රමාණයම තිබෙන ඒ වගේම අපේ සූර්යයා වටා ජෛව කලාපයේ කක්ෂගත වෙලා තියෙන පිටසක්වළ ග්‍රහලොවක් සොයා ගනීවි.ඒත් ඒ ග්‍රහලොවේ වායුගෝලයේ සංයුතිය අන්වේශනය කරන්න උපක්‍රමයක් හොයාගන්නකන් ඒ ග්‍රහලොවේ ජීවය තියනවාද කියලා දැනගන්න අපිට බැරි වේවි.
පෘතුවියට අතිශයින්ම සමාන ග්‍රහලොවක් සොයන එක ඉතාමත් සංකීර්ණ අභියෝගයක්. පෘතුවිය පසුගිය වසර බිලියන 4 පුරා ජීවයෙන් පිරී පැවතුණා.පිටසක්වළ බුද්ධිමත් ජීවයක් සොයන්න නම් ඒ ග්‍රහලොව පැවතිය යුත්තේ මොන වාගේ යුගයකද?.. ඒ වගේම එවැනි ග්‍රහලොවක අපි දකින්න බලාපොරොත්තු විය යුත්තේ මොනවාද?
මෙන්න මේ ප්‍රශ්ණ වලට පිළිතුරු සොයන්න අන්තර්ජාතික තාරකාවිද්‍යාඥ ගවේශක කණ්ඩායමක් උනන්දු වුණා.මේ ඔවුන්ගේ ඒ උත්සහයේ ප්‍රතිඵලයි.
තාරකාභෞතිවිද්‍යා ජ'නලයක පළ වුණු ලිපියකින් ස්පාඥයේ Astrofísica de Canarias (IAC) ආයතනයේ විද්‍යාඥ, ඒ වගේම මේ ගවේශක කණ්ඩායම මෙහෙයවන Esther Sanroma දක්වන්නේ මේ වගේ අදහසක්.
"පැහැදිලිවම... සිය මවුතරුව වටා ජෛව කලාපයක කක්ෂගත වී තිබෙන කුඩා පාෂණමය ග්‍රහලොවක් ගැන අධ්‍යයනය කරන්න හොඳම නිර්දේශ ගන්න ලැබෙන්නේ අප අපේ පෘතුවිය ගැන දන්න දේවල් වලින්. ඒත් පෘතුවියේ ජීවය බිහිවී තිබෙන්නේ අඩුම තරමේ මීට වසර බිලියන3.8කට පමණ පෙර.ඒ වගේම එය කාලයත් සමඟ වෙනස් වෙලා තිබෙනවා"
මීට වසර බිලියන 3 කට පමණ පෙර Archean යුගයේදී පෘතුවි භූමිය සහ සාගරය වසාගෙන සිටියේ දම්පාට ප්‍රභාසංශ්ලේෂි බැක්ටීරියාවන් විසින්.මේ බැක්ටීරියාවන්,පෘතුවියේ ජීවය ආරම්භ වී ඇති බව කියන හොඳ සංකේතයක් වුණා. Sanroma ගේ කණ්ඩායම පෘතුවිය පුරා මේ බැක්ටීරියාවන්ගේ විවිධ ව්‍යාප්ති රටා ආකෘති ගත කරලා ඒ ඒ ව්‍යප්ති යටතේ විශ්වයට නිකුත්වන දෘශ්‍ය සහ ආසන්න අධෝරක්ත කිරණ රටා ආභාසනය (simulate) කරමින් ඒ අනුව මීට සමාන යුගයක පවතින පිටසක්වළ ග්‍රහලොවක් අපට පෙනෙන ආකාරය ගැන අදහසක් ගන්න හැකිබව පෙන්නා දී තිබෙනවා.
පෘතුවියට සමාන ග්‍රහලොවක් සොයන විට විද්‍යාඥයන් පවසන කාරණයක් තමයි...නූතන පෘතුවියක් සොයනාවාට වඩා පෙර සඳහන් කල පරිදි ආදිකල්පික පෘතුවියක් සෙවීම වැදගත් බව..පෘතුවිය තමයි අපි දන්න ජීවයක් පවතින එකම ග්‍රහලොව.ඒ නිසා භාහිර ග්‍රහලෝක අධ්‍යයනයේදී අපි පෘතුවිය ගැන අප දන්නා කරුණු ඉතාම වැදගත් වෙනවා. අපි දෙවැනි පෘතුවියක් සොයාගත්තා වුණත් එය නූතන පෘතුවියකට වඩා මීට වසර මිලියන ගණනකට පෙර පැවති පෘතුවි රූපාකාරයක් වීමේ ඉඩකඩ බොහොම වැඩියි.
කොහොම වුණත් දම්පාට පිටසක්වළ ලෝකයක් ගැන කතා කරපු පළවෙනි වතාව මෙය නොවේ. 2011 වසරේදීද උපකල්පිත දිවිත්ව තරු පද්ධතියක ඇති ශාකමය ජනපදයක් ගැන විද්‍යාඥයන්ගේ අවධානය යොමු වී තිබුණා.
කෙසේනමුත් අපිට පෙනෙන දෙයක් තමයි පිටසක්වළ ජීවයක් සොයන ගවේශණ දම්පාට දිහාවට යොමු වී තිබෙන බව..
ඩොන්

0 comments