රැම්බෝ චිත්‍රපටයෙන් කෝටි ගණන් සෙවූ කොණ්ඩා මෝස්තරකාරයා ගේ ලොවම කැලැබූ විශ්මිත කතාව මෙන්න


වැල යන අත බලා මැස්ස ගැසූ තරුණයෙක් ඇමරිකාවේද සිටියේය.
ඔහු බැලූවේ වැල යන අත පමණි. සම්ප‍්‍රදාය, ජ්‍යෝතිෂ්‍ය සිරිත් – විරිත් ඔහුගේ කල්පනා ලෝකයට හසු නොවීය. ඔහු නිපදවූ රැම්බෝ චිත‍්‍රපටිය ලොව නොදන්නා කෙනෙක්ද නැත. එවිට ඔහුගේ වයස යම්තම් අවුරුදු 18 කි. රැකියාවට කළේ බොරු කොණ්ඩා සෑදීමයි.
මංගල චිත‍්‍රපටියෙන් ඔහු ඉපයූ මුදල ඇ​ෙමරිකා ඩොලර් මිලියන ගණනකි.
ලොව කිසිම සම්ප‍්‍රදායක් විශ්වාස නොකළ ඔහුගේ ආයතනයේ නමට ද අර්ථයක් නොවීය. (Carolco) කැරල්කෝ චිත‍්‍රපටි සමාගමේ ඔහුගේ අනෙක් සගයා වූයේ මරියෝ කාසර් ය. මරියෝ කාසර් ඇන්ඩෲ වැජ්නා යන මේ යුදෙව් ජාතික වෙළෙඳ සොහොයුරෝ එතෙක් ගතානුගතික, සම්ප‍්‍රදායික, ඒකාධිපති සිනමා වෙළෙඳ පොළ දෙදරවන්නට සමත් වූහ.
මනඃකල්පිත චරිතාංග මගින් ජීවමාන ප‍්‍රබන්ධ චරිත මවාපෑමෙහි දක්‍ෂයෙක් ද ඒ අතර පහළ විය. වියට්නාම් යුද්ධය හදාරා ඒ දැනුමෙන් උපකල්පිත චරිත නිර්මාණය කළ නවකතාකරු ඩේවිඩ් මොරල්ය.
රැම්බෝ මෙන්ම එහි එන වියට්නාම් යුද්‍ වීරයකු වූ ජෝන් රැම්බෝද ඔහු පණ දුන් චරිතයන්ය. ඒ වන විට මැද පෙරදිග වාසීන්ට ඉංග‍්‍රීසි චිත‍්‍රපට කොමිස් ක‍්‍රමයට විකුණන කලාවෙන් මහත් මුදලක් උපයා සිටි මරියෝ කාස හා ඇන්ඩෲ වැජ්නාට ඩේවිඩ් ලියූ රැම්බෝ චරිතය එන. First Blood නවකතාවේ අයිතිය මිලදී ගන්නට උවමනා විය.
නවකතාවේ ජනප‍්‍රියත්වය උඩ මතුවට බැංකු මගින් ණයක් ගත හැකි නිසා දෙදෙනාම එකතු වී ඇමරිකා ඩොලර් 385,000 කට එහි අයිතිය ලබාගනු ලැබිණි.
ඒ අතරතුර ඩොලර් 100,000 ක අඩු වියදමින් කරාටේ චිත‍්‍රපටයක් නිපදවා ඩොලර් මිලියන 3.7 ක් උපයා ගැනීමට තරම් වැජ්නා සමත්වී සිටියේය. ඔහු ඒ මුදලින් හොංකොංහි සිනමා ශාලා දෙකක් මිලදී ගත්තේය. මතුවට ලොකු – ලොකු චිත‍්‍රපට හැදීමේ ආශාවෙන් පසු වූ මේ දෙදෙනාට සිය වැඩ වලට හරියන හොඳ නමක් වුවමනා විය. පැනමා රටේ බංකොලොත් වූ ආයතනයක නමකට ඔවුන්ගේ හිත ගියේ අරුමයකට විය හැක. ‘ කැරල්කෝ ’ නමට මොනම තේරුමක්වත් නොවීය. නමුත් ඔවුන්ගේ වැඩවලට එය හොඳ තේරුමක් විය හැකියයි විශ්වාස කරගෙන දෙදෙනාම සිය සමාගම කැරල්කෝ ලෙස නම් කළෝය.
වැජ්නා, සිල්වෙස්ටර් ස්ටැලෝන් ප‍්‍රධාන චරිතයට ගෙන චිත‍්‍රපටයක් තැනීමට ඩේවිඩ් මොරාල්ගේ නවකතාව තෝරාගෙන යුරෝපීය බැංකුවකින් ණයක් ඉල්ලුවේය. එයද ජනප‍්‍රිය නම් ගැවසෙන නිසා ඉහළින්ම පිළිගැනිණි.
රැම්බෝ කතාවේ මංගල චිත‍්‍රපටය වූයේ First Blood ය. සියලු අවදානම් සුන්නද්දූලි කරමින් මේ දෙදෙනා මාස කීපයකින් හොලිවුඩයට මනරම් පාඩමක්ද උගන්වමින් ඩොලර් මිලියන 120 ක් (රු. 1,920,000,000) ඉපැයීය.
ඉන්පසු කෙටි කලකින්ම ඇමරිකාව විසින් වියට්නාමයට සාමය සපයා දස වසරක් පිරීම නිමිත්තෙන් රැම්බෝ චරිතයේ දෙවන පියවර වූ First Blood Part – II ගෙන ආ යුතුයැයි දෙදෙනාම සිතූහ. එයද දැවැන්ත ජයග‍්‍රහණයක් ලැබීය. ඒ වන විටත් කැරල්කෝ, ඇමරිකා සිනමා ඒකාධිපති බෙදාහැරීමේ පාලන බලය ඉසිලූ MPEAA නො​ෙබදුණු ස්වාධීන ඒකචාරී සමාගමකි. එහෙත් මුල් චිත‍්‍රපට දෙකේ අතිශය සාර්ථකත්වය උඩ සිල්වෙස්ටර් ස්ටැලෝන් යොදා චිත‍්‍රපට 10 ක් තැනීමේ ගිවිසුමකට එළඹ තිබිණි. එවැනි අති දැවැන්ත ගිවිසුම් ඒ වන විට ඇමරිකාව තුළ මුල් බැස ගත් පාරම්පරික කොම්පැනිවලට හිතාගන්නටත් බැරිවිය. චිත‍්‍රපට නිෂ්පාදනය කිරීමට පෙර, හදන්නට යන චිත‍්‍රපටවලට විවිධ රටවලින් පූර්ව අත්තිකාරම් ගෙවීම්පවා ලැබිණි.
ඒ නිසා ටර්මිනේටර් (Terminator) වැනි චිත‍්‍රපටවලින් ජනාදරය දිනාගත් ආනල්ඩ් ශ්වෝසනේගර් පවා කැරල්කෝ සමාගමට එකතු විය.
දැවැන්තයින්ට නොපෙනෙන කුඩා දේවල් කුඩාවුන්ට පෙනෙන බව අප ‘ හීන්සැරයෙන් කියවා ඇත.
නමුත් කිසිම ප‍්‍රාග්ධනයක්, අතීතයක් හෝ නම්බුනාම පෙළපත් පරම්පරා කිසිවක් නැති තරුණයන් දෙදෙනකු කළ හොලිවුඩයේ වීර වික‍්‍රම ත‍්‍රාසජනක චිත‍්‍රපටයක් තරමටම ලොමු දැහැගැන්වෙන සුළුය.
තමන්ගේම වෙළෙඳාම ආරක්‍ෂා කර ගැනීමට හා තම වෙළෙඳාම විවිධ රටවල් ගෙන යාමටත් පහසුම මග එම රටවලට කිසියම් සිනමා ශාලා ප‍්‍රමාණයක් මිලදී ගැනීමය. නැතහොත් පාලනය කිරීමට හැකියාව පවත්වාගැනීමය. ඇන්ඩෲ හා මරියෝ ඒ දෙකම මැනවින් කළහ.
අනෙක් කාරණය නම් ලෝකයේ චිත‍්‍රපට නරඹන රටවල බහුතර ප්‍රේක්ෂක ජනතාව අතර ජනප‍්‍රිය නළු නිළියන් කෙළින්ම තමන් වසඟයට හා බද්දට ගැනීමය. ඇන්ඩෲ හා මරියෝ ඒ දෙකමද කළහ.
ලංකාව සම්බන්ධයෙන් ගත් විට කැරල්කෝ චිත‍්‍රපට ලංකාවට ආනයනය කිරීමට පිළිවෙළක් තිබුණේ නැත. එම සමාගම ස්වාධීනව කටයුතු කළ නිසා ඇමරිකාව විසින් ලංකාවට ඔවුන්ගේ චිත‍්‍රපට එවීමටද විධිමත් පිළිවෙළක් නොවීය.
මේ සම්බන්ධව පුරෝගාමී වූයේ බෲස්ලීගේ ඩ‍්‍රැගන් චිත‍්‍රපට මාලාව හා අනෙකුත් අරුත් බර ලිංගික චිත‍්‍රපට ගෙනා CPL සමාගමේ නිර්මාතෲ කාලෝ පොන්නම්බලම්ය. ඔහුට ඒ වනවිට චිත‍්‍රපට සම්බන්ධයෙන් සූක්‍ෂම, තීක්‍ෂණ කල්පනා ශක්තියක් තිබිණි. එවකට ඔහු ප‍්‍රධාන වශයෙන් වාසය කළේ එංගලන්තයේ වීමත්, කැනඩාව හා ඕස්ට්‍රේලියාවේ සිනමා ප‍්‍රදර්ශක සමාගම් සමග හාදකමක් හා ක‍්‍රමවත් සන්නිවේදනයක් තිබුණු නිසා විශේෂ වුවමනාකම් එතරම් අසීරු නොවීය. (වරක් ඔහු සිල්වෙස්ටර් ස්ටැලෝන්ගේ LOCK – UP චිත‍්‍රපටය ගෙනාවේ සම්ප‍්‍රදායික නීතිමය රාමුව හරහා නොව නිවාඩුවට ඔහු හා ගුවන් යානයේ ගමන් සමගමය. සාමාන්‍යයෙන් චිත‍්‍රපටයක් ප‍්‍රදර්ශනයක කිරීමට මාස 6 – 9 ක පූර්ව කාලයක සිට පොරොත්තු කාලයක සිටිය යුතු වුවත්, Lock – UP පැමිණි විගසම වාගේ වැල්ලවත්තේ සැවෝයී (Savoy) සිනමා ශාලාවේ (නිසි ප‍්‍රදර්ශක පුවරුවක්වත් නොමැතිව) කඩිමුඩියේම දර්ශන ආරම්භ විය.
බෲස්ලිගේ චිත‍්‍රපටද නිෂ්පාදනය වූයේ (Golden Harvest) ගෝල්ඩන් හාවස්ට් නමැති MPEA සමාගමට සම්බන්ධ නොවුණු අංශයකිනි.
ඒ වන විට ස්වෝශනේගර්, බෲස්ලි හා ස්ටැලෝන් වැනි කීර්තිමත් නළුවන් ස්වාධීන චිත‍්‍රපටි සමාගම් සමග එක එල්ලේම සම්බන්ධව සිටීමට ඇමරිකා MPEA සමාගමට ද ප‍්‍රශ්නයක් නොවීය. එබැවින් ඇන්ඩෲ වැජ්නා හා මරියෝ කාසර් නූතන සිනමා ප‍්‍රදර්ශන මාවත් හෙළිකරමින් ආසියාවට තම චිත‍්‍රපට ඉක්මනින් ළඟා කරදීමට පහසු මාර්ග සොයාගෙන තිබිණ. (කාලෝ පොන්නම්බලම් පසු කාලයකදී ගාමිණී ෆොන්සේකා, මනික් සන්දරසාගර වැනි ලංකාවේ කෘතහස්ත කලාකරුවන් සමගද සමීපව කටයුතු කළ අතර සීතාදේවී වැනි චිත‍්‍රපට නිෂ්පාදනයටද දායක විය. නමුත් ඔහු සිනමා ශාලාවක් පවත්වා ගැනීම අතපසු කර තිබිණි.)
කැරල්කෝ සමාගම විසින් ලංකාවට ගෙනා චිත‍්‍රපටි පළමු වටයේ ධාවනයට MPEA ඇමරිකා සමාගම්වල චිත‍්‍රපට ප‍්‍රදර්ශනය කිරීමට කලින් ගිවිස ගත් සිනමා ශාලාවලට ලැබුණේ නැත. ඒවා බොහෝ විට ප‍්‍රදර්ශනය වූයේ සැවෝයි, නිව් ඔලිම්ප‍ියා වැනි ස්ථාන වලය. නමුත් COBRA, RAW DEAL වැනි චිත‍්‍රපට ප‍්‍රදර්ශන අවස්ථාවට ළංවන විට කුමන හෝ හේතූන් මත තත්වය වෙනස් වී තිබිණි.
හොලිවුඩය පදනම් වූ විදේශීය චිත‍්‍රපටි ලංකාවට ආනයනය කිරීම ගැන වැඩිදෙනා දැන සිටියේ නැත.
ජාතික චිත‍්‍රපට සංස්ථාවද ඒ ගැන සිටියේ ළදරු මනසකිනි. ලංකාවට වුවමනා චිත‍්‍රපට ජාත්‍යන්තර ප‍්‍රදර්ශන පවතින අවස්ථාවලදී එහි ගොස් තෝරා ගත යුතුය. විශේෂයෙන් එහි ළඟාවන්නේ ඇන්තනී පේජ් (සිලෝන් තියටර්ස්) ඉමිතියාස් කාඩර් (ලිබර්ටි සිනමාස්) CPL අධිපති කාලෝ පොන්නම්බලම්ය.
එහිදී තෝරාගනු ලබන මෙම චිත‍්‍රපටි පසුව නීතිමය ක‍්‍රමවලට අනුව ජාතික චිත‍්‍රපට සංස්ථාවේ සභාපති වෙත එවනු ලැබේ. ජාතික චිත‍්‍රපටි සංස්ථාව (NFC) චිත‍්‍රපටි සම්බන්ධව නියාමක (Regulator) වුවත්, චිත‍්‍රපටි සංස්ථාව රජයේ ආයතනයක් නිසා ඇමරිකා සමාගම්වල චිත‍්‍රපට ඔවුන්ට ලැබුණේ නැත. කිසිදු රටක රජයේ ආයතන සමග බිස්නස්’ එකට ඇමරිකා (MPEA) සමාගම ගොස් නොතිබිණි.
MPEA සමාගමද ලංකාවට වුවමනා චිත‍්‍රපට එවනු ලබන්නේ ආසියානු කළාපයට එවිය හැකි චිත‍්‍රපට ලැයිස්තුවේ තිබුණොත් පමණි. නමුත් ඇතැම් චිත‍්‍රපටි එසේ ගෙන්වා ගැනීමට බැරිතැන චිත‍්‍රපටය වෙන රටකින් වෙන නමකින් ගෙන්වා ගත යුතුය. එම ජාවාරමද චිත‍්‍රපටි සංස්ථාවේ හා ප‍්‍රසිද්ධ රැගුම් පාලක මණ්ඩලයේ ඇසට වැලි ගසා හෝ යහ පාලන ක‍්‍රමයට කෙරී තිබිණි.
ඉන් එක චිත‍්‍රපටයක් චිත‍්‍රපට සංස්ථාවේ හිටපු සාමාන්‍යාධිකාරීවරයෙකු වූ රංජිත් ප‍්‍රනාන්දුට හසුවිණි.
චිත‍්‍රපටය ‘OMAR MUKTHAR” ය. එය ලංකාවට ඇමරිකාවෙන් එවිය හැකි ලැයිස්තුවක නොවීය. නමුත් එය වෙනත් සමාගමක් නමින් ගෙන්වනු ලදුව කොළඹ සිනමා ශාලාවක ප‍්‍රදර්ශනය විය. නමුත් ඒ ‘ ලයන් ඔෆ් ද ඩෙසට් ’ (Lion of The Desert) නමිනි. එය ගෙන්වාගෙන තිබුණේ වෙනත් රටක තරමක් ප‍්‍රදර්ශනය කරන ලද පිටපතක් වශයෙනි.
විශේෂයෙන් කාලෝ පොන්නම්බලම් ගෙන්වන ලද (MATA HARI) මාතා හාරි, ලේඩි චැටර්ලි (LADY CHATERLEY) අතිශයින් වැඩිහිටියන්ටම සීමා කරන ලද ඉංග‍්‍රීසි චිත‍්‍රපටි විය. ප‍්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලය විසින් අති සංවේදී දර්ශන කපා ඉවත් කර තිබුණත්, ඒවා ප‍්‍රදර්ශනය කරන විට කලින් කපන ලද දර්ශනත් සමග තමන් දුටු බව ප්‍රේක්ෂකයෝ නොදන්නා කාරණයක් නොවේ.
මෙසේ ස්වාධීන හා ඇමරිකා සමාගම් මගින් එවනු ලැබූ චිත‍්‍රපටි නොකඩවා මාස ගණන් බොක්ස් ඔෆිස් ආදායම් වාර්තා බිඳිමින් ප‍්‍රදර්ශනය වුවත්, ජාතික චිත‍්‍රපටි සංස්ථාව ගෙනා චිත‍්‍රපටි ප්‍රේක්ෂක ජනාදරයට ලක් නොවීය.
බොහෝවිට ඇමරිකාව ඇපෙන් බේරීම සඳහා සංවර්ධනය වෙමින් පවතින රටවලට – සිය මතයට – හේතු වන චිත‍්‍රපට බහුතරයක් එවූවත් ඒ සෑම වර්ෂයකදීම ජාත්‍යන්තර නමස්කාරය, මහා ගෞරව බහුමානයට පාත‍්‍ර වූ චිත‍්‍රපටි ද එකක් හෝ දෙකක් තම ලැයිස්තුවට දැමීමට අමතක නොකළහ. (උදාහරණ : ගාන්ධි, පැටන්, ඩොක්ට ශිවාගෝ )
මාරියෝ හා වැජ්නා තරම් සිනමාව ජාත්‍යන්තර වශයෙන් කලා හා වාණිජ අංශවලින් සාර්ථක වන ‘අමතපදම’ වෙන කවුරුවත් දැන සිටියේ නැති තරම්ය.
ලංකාව වැනි රටවල සත්‍ය කතා, ජීවමාන කතා, රූපගත කර අන්තිමේදී නිර්මාණයක් වශයෙන් පච වුවත්, කාසර් හා වැජ්නා මනඃකල්පිත චරිත ගෙන රසික සන්තානයේ හැමදාම ජීවත්වන නිර්මාණ බවට පත් කර තිබීම අතිශය පුදුමාකාරය. එමගින් ලොව පුරා සිනමා කර්මාන්තයේ යෙදුණු විවිධ කලාකරුවන්ට වැටුණු ප‍්‍රදීපාලෝකය හරහා නව දේදුන්නක නව නිර්මාණ බිහිවිය. (උදාහරණ : ටයිනැනික්, JAWS SPIDER MAH)
1987 අගෝස්තු 28 වන දින කැරල්කෝ සමාගම ඇමරිකා ඩොලර් මිලියන 15.4 ක් වියදම් කරමින් OBIS සමාගම මිලදී ගත්තේ රූපවාහිනී නිෂ්පාදනවලට ද අත ගැසීමටය.
මෙම තීරණය වැජ්නාගේ අසතුටට හේතුවුණු අතර නව සමාගමේ අධ්‍යක්‍ෂකවරයාව ඔහුගේ පුත‍්‍රයා විසින්ම ඝාතනය කරන්නට ද හේතු වී තිබිණි.
ඉතා කෙටි කාලයක් ඇතුළත සිදු වූ මේ විපර්යාස අවසානයේ කැරල්කෝ සමාගමේ තම කොටස් විකුණූ වැජ්නා ගෙදර ගියේය. වැජ්නා සමාගමෙන් ගියේ වුවද කාසට වැරදුනේ නැත. ඔහු 1990 දී හැම්​ෙ​ඬ්ල් චිත‍්‍රපටි සමාගමෙන් (TERMINATOR – II) ටර්මිනේටර් චිත‍්‍රපටියේ කීර්තිනාමය මිලදී ගත්තේය. ඉන්පසු රැම්බෝ චිත‍්‍රපටියේ තිර නාටකය ලියූ ජේම්ස් කැමරොන් හා ආනල්ඩ් ස්වෝශනේගර් ප‍්‍රධාන චරිතයට යොදා ගනිමින් (TERMINATOR – II)- ,, නිෂ්පාදනය කළේය. එය කැරල්කෝ සිනමා ඉතිහාසයේ අසමසම ජයග‍්‍රහණයක් වූ අතර 1991 වසරේ ලෝකයේ වැඩියෙන්ම මුදල් ඉපයූ චිත‍්‍රපටය බවට පත්විය.
කාසර් විසින් නළුවන්ට ගෙවන ලද අති මහත් ගෙවීම් ඉහළ ලංසුවක තිබිණි. (TERMINATOR – II) – ටර්මිනේටර් – ,, ආනල්ඩ් ස්වෝශනේගර් ට ගෙවන ලද මුදලම ඇමරිකා ඩොලර් මිලියන 14 කි. එනම් (රු. 2240000000 කි.)
මෙවැනි හේතූන් නිසා සමාගමේ ආර්ථික තත්වය ක‍්‍රමානුකූලව පිිරිහිණි.
නමුත් MPEA ඇතුළු අනෙකුත් ජාත්‍යයන්තර සියලු සිනමා සමාගම් කැරල්කෝ සමාගමේ පැවැත්මට නන් අයුරින් උපකාර කර තිබිණි.
කෙසේ වෙතත් 2015 අප්‍රේල් 7 වනදා ඇලෙක්ස් බැෆර් නමැති නිෂ්පාදකවරයෙකු විසින් ඇන්ඩෲ වැජ්නා හා මරියෝ කාසර් බිහිකළ – ඉදිකළ මහා සිනමා මෙහෙයුම මිලදී ගත් අතර එය ‘ කැරල්කෝ චිත‍්‍රපට’ (CAROLCO PICTURES) යනුවෙන් අලූතින් බෟතිස්ම කරන ලදී. එහෙත් අලුත් අයිතිකරුද, කාසර් ව නව සමාගමේ ප‍්‍රධාන සංවර්ධන විධායක ලෙස පත් කරන ලදී.
රවි ප‍්‍රසාද් හේරත් විසිනි.

0 comments