ජීවමාන බුදුන් වන්දනා කරනු ලෙස වන්දනා කරන විශාලා පුරාවිද්‍යා වටිනාකමක් ඇති නැඟෙනහිර පළාතේ සැඟවී තිබූ සාම්පූර් දාගැබ එක රැයින් ඩෝසර් වුණ හැටි
බෞද්ධයන් දාගැබක් වන්දනා කරන්නේ ජීවමාන බුදුන් වන්දනා කරනු ලෙසය. එබැවින්ම දාගැබක් දැදුරු වීම ඔවුන්ට දරාගැනීමට අපහසු ව්‍යසනයකි. එවන් තිරශ්චීන ව්‍යසනයක කතාවක් පසුගිය සතියේ දී ඇසුණේය. ඒ ත්‍රිකුණාමලයේ මුත්තූර් ප්‍රදේශයෙනි.
යුද ගැටුම් අවසන් වීමෙන් පසුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව නැඟෙනහිර පළාතේ සැඟවී තිබූ පැරැණි ස්ථාන සොයා පුරාවිද්‍යා ගවේෂණයක් කළේය. එහිදී සොයා ගත් වැදගත් පුරාවිද්‍යා ස්ථාන අතර ගරාවැටුණු පුරාණ දාගැබක් විය. එය පිහිටා තිබුණේ මුතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් සුඩෙයිකුඩාවලය.
පුරාවිද්‍යා ගවේෂණ තොරතුරු ප්‍රකාරව දාගැබ් වහන්සේ අනුරාධපුර මුල් යුගයට අයත්ය. ඒ පුරාවත සනාථ කරන විද්‍යාත්මක සාධක ගණනාවක් අවට විසිරී තිබුණු අයුරු ගවේෂණ නිලධාරීහු වාර්තා කළහ. මේ ඉතිහාසය සාධනය කරන වැදගත්ම සාධකය වූයේ ඒ අවට විසිරී තිබූ පුරාණ ගොඩනැඟිල්ලකට අයත් කණු පාදම් ගල්ය.
මෙම දාගැබ් වහන්සේගේ ඓතිහාසික පිහිටීමද අතිශය වැදගත්ය. පුරාණ ලෝකයේ ප්‍රධානම වෙළෙඳ වරායක් වන්නේ ගෝකණ්ණය. පුරාණ වරාය අසල උස් භූමියක අෑත දියඹට පෙනෙන සේ දාගැබක් ඉදිරිකිරීම පුරාණ සිංහලයේ එක් ලක්ෂණයක් වූයේය. ඉන් වරාය පිහිටි දිශාව හඳුනා ගැනීම දිවයින පිළිබඳ යම් සංස්කෘතික ප්‍රකාශනයක්ද කියැවුණේය. එමෙන්ම වරාය ඇසුරෙහි වෙළෙ¼දාමේ යෙදුණු වෙළෙන්දෝ ස්වකීය වන්දනාව සඳහා දැගබ් ඉදිකිරීම දක්නට ලැබිණි. ලංකාවේ සෑම පුරාණ වරායක් ආශ්‍රිතව දාගැබක් හෝ දාගැබ් කීපයක් පිහිටා තිබුණේය. මෙම පුරාණ විහාරය තිබුණේ එම වරායේ පැරැණි ප්‍රවිශ්ටයක් වන ෆවුල් තුඩුව වෙරළාසන්නයේය. දාගැබ කැණීම් කර තහවුරු කිරීම සඳහා සැලසුම් කර තිබිණි.
එහෙත් එක් දිනකදී කිසිවෙක් අපේක්ෂා නොකළ ලෙස නැඟෙනහිර ඓතිහාසික බෞද්ධ උරුමය පිළිබඳ කියැවෙන මේ ඓතිහාසික දාගැබ් වහන්සේ ඩෝසර් කර දමා තිබිණි. පුරාවිද්‍යා නිරීක්ෂණයට අනුව මෙම පුරාණ දාගැබේ විශ්කම්භය වට අඩි 15කි. දාගැබ අවට නටබුන් විශාල ප්‍රමාණයක් විසිරී තිබිණි. එම පුරාණ නටබුන් අතර, දාගැබ ආසන්නයේ මීට වසර කිහිපයකට පෙර ඉදිකරන ලද හින්දු කෝවිලක් විය.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මේ ස්ථානයේ ඉපැරැණි දාගැබක ලකුණු සොයාගත් බව මේ කෝවිල සම්බන්ධ පිරිස් දැනගන්නේ සති දෙකකට පෙරය. එය නිශ්චිතව දැනගත් දාට පසුදාම ඔවුන් දාගැබ් ගොඩැල්ල මුළුමනින්ම ඩෝසර් කර දමා තිබිණි. යුද්ධය පැවැති වකවානුවේ පුරා එකළොස් වසරක් මේ ප්‍රදේශයේ තිබුණේ එල්.ටී.ටී.ඊ. පාලනයකි. ඒ වකවානුවේදී මේ පුරාවස්තු විනාශ වී තිබුණේ නැත. කුමන හෝ අරමුණක් නිසා එල්.ටී.ටී.ඊ.ය මේ පුරාවිද්‍යා ස්ථාන ආරක්ෂා කළේය. සමහර විට සාමය යුද්ධයට වඩා චිරශ්චීනය. අපට මේ විනාශ කළ දාගැබ වහන්සේ කියන්නේ ඒ කතාවය.
මෙම ඓතිහාසික දාගැබ විනාශ කර දැමීම සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හා පුරාවිද්‍යා පොලිසිය මෙන්ම සාම්පූර් පොලිසියද දැන් විමර්ශන ආරම්භ කර ඇත. මේ අවාසනාවන්ත තත්ත්වය පිළිබඳව සංවේගයෙන් යුතුව අදහස් දැක්වූ සේරුවිල මංගල රාජමහා විහාරාධිපති පූජ්‍ය මුංහේනේ මෙත්තාරාම නාහිමියන් පැවැසුවේ මෙවැනි කතාවකි. “මෙම චෛත්‍ය ෆවුල්තුඩුව ආසන්නයේ පිහිටා තිබුණේ. ඒ නිසා මෙහි විශේෂ වැදගත්කමක් තියෙනවා. ඉතිහාසයේ වැදගත් තැන් කිහිපයකම සාක්ෂි මේ පුරාවිද්‍යා භූමිය තුළ තිබූ බව අපට අනුමාන කළ හැකියි. අපි අදහස් කරලා තිබුණේ මේ පෞරාණික උරුමය අප මැදිහත් වෙලා සංරක්ෂණය කරලා ජාතියට පූජා කරන්න. ඒත් දැන් සියල්ල අවසන්.”
සිදුකළ හානිය පිළිබඳව නිරීක්ෂණය කළ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ත්‍රිකුණාමලය සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ ඩබ්ලිව්.එච්.ඒ. සුමනදාස අප සමඟ කී කතාව අපට යමක් හිතන්නට බලකරන්නේය.
“මේ දිනවල පුරාවිද්‍යා ගවේෂණ කණ්ඩායම් තුනක් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා ගවේෂණයක යෙදෙනවා. එක් කණ්ඩායමක් පදවි ශ්‍රී පුර. අනෙක් කණ්ඩායම ගෝමරන්කඩවල ආශි්‍රතව. තුන්වැනි කණ්ඩායම තමයි සාම්පූර්වල ගවේෂණය කළේ. සාම්පූර්වලදී පුරාණ දාගැබ් තුනක නටබුන් හමුවුණා. මේ දාගැබ් අනුරාධපුර යුගයේ මුල් කාලයට අයත් බව සිතිය හැකි ඓතිහාසික සාධක අප හඳුනා ගත්තා. එය මීට කලින් අප නොදන්නා අෑතකදී නිධන් හොරුන් විසින් විනාශ කර තිබුණු බව දුටුවා.
කෙසේ වුවත් නටබුන් දාගැබ පිහිටා තිබුණේ කඳු ගැටයක් මත. අපි කළේ මේ ස්ථානය හඳුනාගෙන විද්‍යානුකූලව වාර්තා කිරීම. එහෙම වාර්තා කරලා සති දෙකක් ගියෙ නෑ.
මේ කඳුගැටය සමතලා වන ආකාරයට දාගැබ මුළුමනින්ම ඩෝසර් කරලා තිබුණා. අපරාධය සිදුකර ඇත්තේ පසුගිය ඉරිදා. අපට සිද්ධිය සඳුදා උදේ වාර්තා වුණා.
මේ ප්‍රදේශයෙ ඉන්නෙ ඉතාම නූගත් පිරිසක්. විනාශය පිළිබඳ තොරතුරු දැන් ගලා එමින් තිබෙනවා. මේ ප්‍රදේශයේ උදවිය දැනුවත්ව මේ ව්‍යසනය කළ බව හිතාගන්න පුළුවන්. එය විනාශ කළ වූවන් සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පැත්තෙන් කළ යුතු කොටස කරමින් ඉන්නවා. මේ ඩෝසර් කරලා තිබෙන විදියට පෞරාණික බව සම්බන්ධයෙන් කිසිදු සාක්ෂියක් ඔවුන් ඉතිරි කරලා නැහැ. මේ විනාශය ගැන සොයා බලන්නට ගිය වෙලාවේ විශාල ජනතා විරෝධයක් පැමිණියා. අපි මේ සම්බන්ධයෙන් මේ වන විට මුතූර් පොලිසිය හරහා අධිකරණයට කරුණු වාර්තා කර තිබෙනවා.”
සහකාර පුරාවිද්‍යා කොමසාරිස් සුමනදාස පවසන්නේය. මේ ජාතිවාදී ගෝත්‍රිකත්වයේ ප්‍රාථමික ස්වරූපයයි. මෙම ප්‍රාථමික මානසිකත්වය මේ මිනිසුන් තුළ නඩත්තු කරන්නේ නැඟෙනහිර ජාතිවාදී ද්‍රවිඩ දේශපාලකයන්ය. උතුර, නැඟෙනහිර මෙන්ම දකුණ ද ගිලී ඇත්තේ මේ ව්‍යසනයේය. අප සංහිඳියාවෙන් යුතු රටක් ප්‍රාර්ථනා කරන්නේ මේ ගෝත්‍රිකයන්ගෙන්ය.
එම්. ක්‍රිෂාන්තන්
0 comments