තම පෙම්වතියට බියර් පොවා මත් කර නාවලපිටිය ලැගුම් හලකදී කල අහස පොලව නුහුලන අපරාදය මෙන්න


සිය පෙම්වතියට බියර් පොවා මත් කොට නාවලපිටිය ලැගුම් හලකදී ඇය දූෂණය කළ පෙම්වතකු එම දර්ශන වීඩියෝගත කර පසුව ඒවා මුහුණු පොතට දානවා යෑයි පවසා බියකර දිගින් දිගටම ඇයට අතවර කර තිබේ. එම පෙම්වතා නාවලපිටිය පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.
ගිනිගත්හේන ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි මොහු එම ප්‍රදේශයේම පදිංචි සිය 20 හැවිරිදි පෙම්වතිය මෙසේ බියකර ස්‌ථාන කීපයකට රැගෙන ගොස්‌ අවස්‌ථා කීපයකදීම දූෂණය කර ඇති බව පරීක්‍ෂණ පවත්වන නාවලපිටිය පොලිසිය අනාවරණය කරගෙන ඇත. මෙයින් නොනැවතුණු ඔහු රාත්‍රි කාලයේ තම නිවසට ද එන ලෙස පෙම්වතියට දන්වා ඇති අතර එසේ නොපැමිණෙන්නේ නම් සියලු රූපගත කිරීම් ෆේස්‌බුක්‌ දාන බව පවසා ඇත. ඒ අනුව මෙම තරුණිය පසුගිය දින රාත්‍රි මොහුගේ නිවසට ගොස්‌ ඇති අතර ඇයගේ නිවසේ දෙමාපියන් ඇය රාත්‍රියේ නිවසේ නොමැති බව දැන සොයා බැලීමේදී මොහුගේ නිවසේ රාත්‍රිය ගත කොට ඇති බව දැනගෙන ඇත.
ඒ අනුව දෙමාපිය ප්‍රශ්න කිරීම් හමුවේ ඇය සියලු කරුණු අනාවරණය කරමින් සිද්ධිය ෆේස්‌බුක්‌්‌ දාන බයට කියන කියන ආකාරයට හැසුරුණු බව පවසා ඇත.
ගම්පොල – සුරංග දිල්හාන්

0 comments