දෙවන ලෝක යුද්ධය අවසන් වූ බව නොදැන වසර 29ක් වනාන්තරයේ ජීවත් වූ ගරිල්ලා භටයා
1944 දෙසැම්බර් 17 වෙනිදා ජපන් අධිරාජයා වෙනුවෙන් ජපන් රාජකීය හමුදාව සමඟ පිලිපීනයේ ලූබන්ග් දිවයිනේ පිහිටි මිත්‍ර හමුදා කදවුරකට පහර දීම සඳහා භට කණ්ඩායමක් සමඟ පිටත්වෙන ලුතිනන් හීරෝ ඔනෝදාගේ පහර දීම හරිහැටි සාර්ථක වන්නේ නෑ. ජපන් භටයන් විශාල ප්‍රමාණයක් මරණයට පත්වෙන අතර ඔනෝදා ඇතුළු ඉතුරු වූ කිහිපදෙනෙක් අසළ පිහිටි විශාල වනාන්තරයකට පසු බැස සැඟවී සිටිනවා. අවසානයේ වසර 29කට පසුව එම වනාන්තරය තුළ ඉතුරු වන්නේ ඔනෝදා පමණයි. ඉතින් අද ලිපියෙන් දිග හැරෙන්නේ මේ අපූරු සිදුවීම පිළිබඳවයි.
ජපාන රාජකීය හමුදාවේ ලුතිනන්වරයෙක් වූ තරුණ ඔනෝදා

ඔනෝදා (Rare Historical Photos)
පිලිපීනයේ ලුබන්ග් දූපතට

ලූබන් දූපත අද (Wikipedia)
පිලිපීනය බලා පිටත් වීමට ප්‍රථම ඔනෝදාට ඉහළ නායකත්වය විසින් “ ඔබ ඇතුළු කණ්ඩායමේ කිසිවෙකුටවත් සියදිවි හානි කරගැනීම තහනම් වන අතර අවසන් භටයා දක්වා සටන් කල යුතු වෙනවා. ඒ අවසන් භටයා දක්වා ඔබ නායකත්වය ලබා දිය යුතුයි. යම් හෙයකින් එය වසරක් වසර දෙකතුනක් හෝ වසර පහක් විය හැකියි. අපි ඔබ වෙත එනතුරු ඔබ එසේ කල යුතු වෙනවා. එමෙන්ම ඒ කාලය තුළ දූපතේ ඇති පොල් ආහාරයට ගනිමින් හෝ ජීවත් විය යුතුයි.” ලෙස ප්‍රභල අණදීමක් සිදු කරනවා.
ලූබන්ග් දූපතේ පරාජය හා කැළය තුළ සැඟවීම

ජපන් සූර්ය ධජය රැගෙන යුධ පෙරමුණට යන සෙබළුන් (Pinterest)
මිත්‍ර හමුදාවේ ප්‍රහාරයන් හමුවේ අන්ත පරාජයකට ලක්වෙන මෙම කණ්ඩායමේ බොහෝ භටයන් පිරිසක් මරණයට පත්වෙන අතර තවත් පිරිසක් බරපතල තුවාල ලබා ප්‍රතිකාර නොමැතිකමින් මරණයට පත්වෙනවා. ප්‍රහාරය හමුවේ දිවි ගලවා ගැනීමට හැකියාව ලැබෙන්නේ ඔනෝදා හා තවත් භටයන් තිදෙනෙකුට පමණයි.
රහසිගත කඳවුර
දූපතේ වනාන්තරය තුළට රහසේම ඇතුළුවන ඔවුන් එහි අභ්‍යන්තරයේ සතුරන්ට නොපෙනන ආකාරයෙන් රහසිගත කදවුරක් නිර්මාණය කරනවා. උග්‍ර අහාර ගැටලුවකට මුහුණ දෙන ඔවුන් ඒ සඳහා විකල්පයක් ලෙස දූපතේ ඇති පොල් හා කෙසෙල් ආහාරයට ගනු ලබනවා. තවද අසළ ගම් වලට පැන ආහාර හා ගවයන් මංකොල්ලකෑමට ඔවුන් පෙළඹෙනවා.මෙලස වසරක් ගතවන විට ඇමරිකාව විසින් හිරෝෂිමා හා නාගසාකි නගර වලට පරමාණු බෝම්බ හෙළීම හේතුවෙන් ජපානය යටත් වීමට තම කැමැත්ත ප්‍රකාශ කරනවා. 1945 වසරේ මෙලෙස දෙවන ලෝක යුද්ධය නිමාවූ විට ජපානය විසින් ඒ බව සදහන් කර මුද්‍රණය කරන ලද පත්‍රිකා, ඔනෝදා ඇතුළු කණ්ඩායම ලූබන්ග් දූපතේ සැඟවී සිටින ඇතැයි යන සැකය ඔස්සේ, ගුවනින් මුදා හරිනවා. මෙම ක්‍රියාවලිය සතුරන්ගේ උපක්‍රමයක් යැයි සිතන ඔනෝදා ඇතුළු පිරිස යුද්ධය අවසන් වී ඇති බවට පිළිගන්නේ නෑ. තව දුරටත් කැලයේ රැදී සිටීමට ඔවුන් තීරණය කරනවා.
ගරිල්ලා කණ්ඩායම් සාමාජිකයන්ගේ මරණ
දිගින් දිගටම වනයේ රැදී සිටින ඔවුන් විසින් ඔත්තුකරුවන් යැයි සිතා අසල ගම්මාන වල සිටි පුද්ගලයන් කිහිපදෙනක් මරා දමනවා. වසර පහක් පමණ ගත වූ විට එක ගරිල්ලා භටයෙක් තම කණ්ඩායම අතහැර හොර රහසේම යටත් වීම සඳහා පැන යනවා. තවද 1954 වසරේදී පිලිපීන හමුදා සමඟ ඇති වූ ගැටුමකදී තවත් භටයෙක් මරණයට පත්වෙන අතර 1972 වසරේදී ඇති වූ තවත් සටනකින් ඉතිරි ගරිල්ලා භටයාත් මරණයට පත්වෙනවා.වසර 1952 වසරෙන් පසුව ඔනෝදා ඇතුළු කණ්ඩායම මිය ගිය බවත් තවත් එකදු හෝ සොල්දාදුවෙක් ලූබන්ග් දූපත් වල නොමැති බවයි ජපන් රජය විසින් පවසන්නේ. නමුත් 1972 වසරේදීත් ජපන් ජාතිකයෙක් ලූබන්ග් හි සටනකදී මිය යාම හේතුවෙන් පිලිපින් හමුදා මෙන්ම ජපන් හමුදා බළකා ද ලූබන්ග් දූපත සම්පුර්නයෙන්ම පරික්ෂා කරනවා. නමුත් ඉතා දක්ෂ ගරිල්ලා භටයෙක් වූ ඔනාදෝ මෙම එක් හමුදා ඛණ්ඩයකට හෝ සොයා ගැනීමට හැකියාව ලැබෙන්නේ නෑ. ඉන්පසුව ඔවුන් විසින් අවසන් සටන් කරුවාද මියගොස් ඇති බවට පිළිගනු ලබනවා.
ලුබන් දූපතෙන් මතු වූ ගරිල්ලා භටයා

වසර 29කට පසුව ඔනෝදා (Rare Historical Photos)
එම පණිවුඩය රැගත් සුසුකි ජපානයට නැවත පිටත් වන අතර ජපන් රජය හා සම්බන්ධ වී ඒ වන විට විශ්‍රාම ලබා සිටි ඔනෝදාගේ අණදෙන නිළධාරියා සමඟ ලූබන්ග් දූපත බලා පිටත් වෙනවා.

අණදෙන නිලධාරියාට තම අසිපත භාර දීම (Rare Historical Photos)

ඔහු සතුව තිබූ භාණ්ඩ (All That Is Interesting)








0 comments