ප‍්‍රබලයා දිල්කා සමග 360ක් ඉල්ලා ගනී. ප‍්‍රශ්ණ පත‍්‍රය හදා දෙයි. පිට ප‍්‍රශ්න ඇසීම තහනම් !

දෙරණ රූපවාහිනී නාලිකාවේ 360 විශේෂ වැඩසටහනක් පළාත් පාලන මැතිවරණයට පෙර විකාශණය කිරීම සදහා මෙරට ප‍්‍රබල නායකයෙකු සම්බන්ධ කරගෙන පටිගත කර ඇත.
සාමාන්‍යයෙන් මෙම වැඩසටහන මෙතෙක් මෙහෙයවනු ලැබුවේ සංඛ අමරජිත් විසින් වුවත් එම ප‍්‍රබලයා දැඩිව ඊට විරුද්ද වූ පසු දෙරණ පාලනාධිකාරිය කටයුතු කර ඇත්තේ චතුර අල්විස් ඊට යෙදවීමටයි.
ඊටද ප‍්‍රබලයා එකග වී නැති අතර අවසානයේ දිල්කා සමන්මලී සමග එම විශෙෂ වැඩසටහන පටිගත කර ඇත්තේ කොන්දේසි කිහිපයක් යටතේය.
වැඩසටහන පටිගත කිරිම ආරම්භ කිරීමට ටිකකට පෙර මෙම ප‍්‍රබලයාගේ මාධ්‍ය ප‍්‍රධානියෙකු පැමිණ වැඩසටහනේදී ඇසිය යුතු ප‍්‍රශ්න මුද‍්‍රණය කර අතට ලබා දී ඇති අතර ඊට පිටින් කිසිදු ප‍්‍රශ්ණයක් හෝ හරස් ප‍්‍රශ්න ඇසිය නොයුතු බවද දන්වා ඇත.
යම් ලෙසකින් එස් කලහොත් ප‍්‍රබලයා වැඩසටහනින් ඩවත්ව යන බවද සදහන් කර තිබේ.
පළාත් පාලන මැතිවණයේද බහුතර බලය ලබාගත නොහැකි වූවොත් ආණ්ඩු පිහිටුවන්නේ කෙසේදැයි අවසානයේ එකම ප‍්‍රශ්ණයක් දිල්කා විසින් අමතර ප‍්‍රශ්ණයක් ලෙස අසා ඇත.
ඊට ප‍්‍රබලයා විසින් උත්තර දී ඇත්තේ දැනට ජාතික ආණ්ඩුව කරගෙන යාන ආකරයටම පක්‍ෂ දෙක එක් වී ආණ්ඩු කරන බවයි.
පටිගත කරන ලද වැඩසටහන මැතිවරණය පැවැත්වීමට ආසන්නයේදී විකාශණය කිරීමට සූදානම් කර ඇත.

0 comments