පොදුජන පෙරමුණේ අපේක්ෂකයෙකුගේ ජය සැමරිමට ගිය පාසල් සිසුවෙකු දියේ ගිලි ජිවිතක්ෂයට

මෙලෙස ජිවිතක්ෂයට පත් වි ඇත්තේ වරකාපොල – නියදුරුපොල ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි පාසල් සිසුවෙක්.
වරකාපෙල ප්‍රාදේශිය සභාව සඳහා ඉදිරිපත් වි ඉන් ජයගනු ලැබූ පොදුජන පෙරමුණේ අපේක්ෂකයෙකු තම මැතිවරණ ප්‍රචාරක කටයුතු වලට උපකාර කළ සිසුන් 16 දෙනෙකුට කිවුල්දෙණිය – මානඇල්ල – උදුගොඩ ඔය ආසන්නයේ මත්පැන් සාදයක් සංවිධාන කර තිබුණේ ඊයේ (13) දිනයේයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයෙකුගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදුකළ පාසල් සිසුන් 16 දෙනෙකු වෙනුවෙන් අදාළ අපේක්ෂකයා විසින් සිය ජයග‍්‍රහණයෙන් පසුව ඔයක් අසබඩ පැවැත්වූ මත්පැන් සාදය අතරවාරයේ එක් පාසල් සිසුවෙකු ඔයෙහි ගිලී මියගොස් ඇතැයි පින්දෙනිය පොලීසිය පවසයි.
පසුව සිසුන් පිරිස මත්පැන් පානය කර මෙම ඔයේ දිය නෑමට ගොස් තිබෙනවා. එම අවස්ථාවේයි මෙම සිසුවා දියේ ගිලී මියගොස් ඇත්තේ.
පින්දෙනිය පොලිස් වසමේ කිවුල්දෙනිය, මානඇල්ල උඳුගොඩ ඔය සම්බන්ධ වන ස්ථානයේ මත්පැන් පානය කිරීමෙන් පසුව දිය නෑමට යෑමේදී මෙසේ මියගොස් ඇත්තේ පී.එච්. දමිත් සුරංග නම් වයස අවුරුදු 18ක තරුණයකි. එම පාසල් සිසුවා පලමුරේ, නියදුරුපොල, වරකාපොළ යන ලිපිනයේ පදිංචි අයෙකි. ඔහු ප‍්‍රදේශයේ ප‍්‍රසිද්ධ පාසලක 13 වසර ඉගෙනුම ලබමින් සිටි ඉතා දක්ෂ සිසුවෙකු බවද සඳහන් වේ.



0 comments