ජන මතයට හිස නමනු. නැතොත් අපේ ආයෝජන ඉවත් කරනවා

පළාත් පාලන මැතිවරණයේදී ලද ජනතා තීන්දුව අනුව කටයුතු කරන ලෙසත් නැතහොත් ශ‍්‍රී ලංකාවේ ඇති තම ආයෝජන සම්බන්ධයෙන් දැඩිව සලකා බැලීමට සිදු වනු ඇති බවත් ප‍්‍රබලතම ආසියානු රාජ්‍යයක කොලඹ සිටින තානාපතිවරයා ආණ්ඩුවේ ඉහල බලවතෙකුට දන්වා තිබේ.
තමන් මේ වන තෙක් ශ‍්‍රී ලංකාවේ දේශපාලනයට කිසිදු මැදිහත්වීමක් කර නැති නමුත් විශාල වශයෙන් ආයෝජන කර ඇති බවත් පෙන්වී දී ඇති මෙම තානාපතිවරයා අස්ථාවර දේශපාලන වටපිටාවක් තුල කම අයෝජන රැදවීමට කිසිදු උවමනාවක් නැතැයිද දන්වා ඇත.
එනිසා ගන්නා ඕනෑම තීන්දුවක් රටේ ස්ථාවරභායය ශක්තිමත් කරන ආකාරයේ එකක් විය යුතු යයිද ඔහු අවධාරණය කර තිබේ.
ප‍්‍රල තානාපතිවරයා විසින් මෙම අනතුරු ඇගවීම කර ඇත්තේ ඇමරිකානු තානාපති අතුල් කේෂාප් මෙරට දේශපාලනය සම්බන්ධයෙන් බරපතල ලෙස මැදිහත් වෙමින් ඇති තත්වය නිරීක්‍ෂණය කරමිනි.


0 comments