“හතුරුසිංහ අගමැති කරනු” සිංහයන්ගේ පෙරළිකාර ජයෙන් පසු බුකිය ඇවිලුනු හැටි

පිතිකරුවන්ගේ වාසිය අතටගත් කුසල් මෙන්ඩිස්‌ ප්‍රමුඛ ශ්‍රී ලංකා පිතිකරුවෝ බංග්ලාදේශය ලබාදුන් දැවැන්ත අභියෝගය (193) සාර්ථකව හඹා යමින් ෂෙයා බංග්ලා ජාතික ක්‍රීඩාංගණයේ පැවැති පළමු විස්‌සයි විස්‌ස තරගයෙන් කඩුලු 6 ක ජයක්‌ ලබා ගැනීමට සමත් විය.
ඒ්ත් සමග ශ්‍රී ලංකාව 1-0 ක්‌ ලෙස තරග දෙකකින් සමන්විත විස්‌සයි විස්‌ස තරගාවලියේ ඉදිරියක්‌ ලබාගත් අතර අදාළ ජය ශ්‍රී ලංකාව විස්‌සයි විස්‌ස ක්‍රිකට්‌ ඉතිහාසයේ හඹාගොස්‌ ජයගත් වැඩිම ඉලක්‌කය වශයෙන් ද සටහන් විය.
මීට පෙර ඔස්‌ටේ්‍රලියාවට එරෙහිව ලකුණු 176 ක්‌ හඹාගොස්‌ තිබූ වාර්තාව ඒ සමගම බිඳ වැටුණි.
ශ්‍රී ලංකා පිලට සාර්ථක ආරම්භයක්‌ ලබාදුන් ධනුෂ්ක ගුණතිලක සහ කුසල් මෙන්ඩිස්‌ යුගලය පළමු කඩුල්ල සඳහා වේගවත් ලකුණු 53 ක සබඳතාවක්‌ පිහිටුවීය.
ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායම අතර ඊයේ(15) පැවති පළමු විස්සයි 20 තරඟයෙන් විශිෂ්ඨ ජයක් ලැබීමෙන් අනතුරුව ෆේස්බුක් වෙබ් අඩවියේ පළවූ නිර්මාණ අපි මෙලෙස ඔබට ගෙන එන්න සිතුවෙමු.


















0 comments