දීප ව්‍යාප්ත දුම්රිය වර්ජනයක පෙර නිමිති මතු වේ?
දීප ව්‍යාප්ත වර්ජනයක් දියත් කරන බව දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමය
පවසනවා. ඒ ත්‍රීකුණාමලයේ සිට කොළඹ දක්වා පැමිණෙමින් තිබූ රාත‍්‍රී තැපැල්
දුම්රියට පහරදුන් සැකකරුවන් කඩිනමින් අත්අඩංගුවට ගන්නා ලෙස බලකරමින්. මෙම
සිද්ධිය මුල් කර ගනිමින් මේ වනවිට කොළඹ සිට සහ ත්‍රීකුණාමලයෙන් ආරම්භ වන
දුම්රිය ධාවනයෙන් ඉවත් වීමට පියවර ගෙන ඇති බවයි එම සංගමයේ ලේකම් ඉන්දික
දොඩංගොඩ කියා සිටියේ.
ඊයේ රාත‍්‍රියේ දුම්රියට පැන තරුණියක් සිය දිවි හානි කර ගැනීමෙන් පසු
ප‍්‍රකෝප වූ ඇගේ ඥාතීන් දුම්රියට මෙලෙස ගල් ප‍්‍රහාරයක් එල්ල කර තිබුණේ
ත්‍රීකුණාමලය - පාලයුත්තු ප‍්‍රදේශයේදීයි.
දුම්රියට පැන සිය දිවි නසාගත් තරුණියගේ වයස අවුරුදු 21ක් පමණ වන අතර පවුල්
ආරවුලක් මත ඇය මෙලෙස සිය දිවි නසා ගන්නට ඇති බවට පොලීසිය සැක පළ කරනවා. මිය
ගිය තරුණියගේ ඥාතීන්ගේ ගල් ප‍්‍රහාරය හේතුවෙන් මෙම දුම්රියේ එන්ජිමට දැඩි
හානි සිදුව ඇති අතර, පසුව වෙනත් එන්ජිමක් යොදවා තැපැල් දුම්රිය කොළඹ දක්වා
ධාවනය කිරීමට සිදුවුණා. මේ හේතුවෙන් අදාළ දුම්රිය කොළඹට ළඟා වුණේ පැය
දෙකහමාරක් පමණ කාලයක් ප‍්‍රමාද වීමෙන්.









0 comments