කහගොල්ලේ පිපිරීමට හසු වූ රණවිරුවෙකු හෙලිකල දේ (Photos)

දියතලාව, කහගොල්ල ප්‍රදේශයේ දී බස් රථයක් තුළ ඊයේ (21) අළුයම පුපුරා ගිය බෝම්බය පිළිබඳව තොරතුරු රැසක් මේ වන විට අනාවරණය වී තිබෙනවා.
ඒ අනුව මූලික පොලිස් විමර්ශනවලින් හෙලිවී තිබෙන්නේ බස් රථයේ ගමන්ගත් හමුදා සෙබලෙකු යාපනයේ සිට ගෙන් ආ අත් බෝම්බයක් මෙලෙස පුපුරා ඇති බවයි.
යාපනයේ සිට සිය කලිසම් සාක්කුවේ සඟවාගෙන ආ මෙම අත් බෝම්බය සාක්කුවෙන් පිටතට ගෙන සිය ගමන් මල්ලට දැමීමට සූදානම් වූ අවස්ථාවේ සිදු වූ අත්වැරදීමකින් බෝම්බය පුපුරා ගොස් ඇති බව වාර්තා වෙන අතර සාක්කුවෙන් බෝම්බය පිටතට ගන්නා අවස්ථාවේ “පින්” එක ගැලවී එය ඔහු අසුන්ගෙන සිටි ආසනය යටට වැටී තිබෙන බව විමර්ශනවලින් පෙනී ගොස් තිබෙනවා.
බෝම්බය පුපුරායන අවස්තාවේදී බස් රථයේ සිටි කිහිප දෙනෙකු අදාල සිදුවීම දැක ඇති අතර මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටින හමුදා සාමාජිකයින් පිරිසක් විසින් එම සිදුවීම පිළිබඳ පොලීසියට කටඋත්තර ලබා දෙමින් මෙලෙස ප්‍රකාශ කර තිබුණා.
‘‘අපේ බස් එක කහගොල්ලට ගඟාවුනා. සීට් වල හිටපු හමුදා සාමාජිකයින් දෙදෙනෙක් බහින්න සූදානම් වෙලා නැගිට්ටා. ඒත් එක්කම පොඩි ෆෝන් එකක් බිම වැටුනා වගේ දෙයක් දැක්කා.කට්ටිය ඒ දෙස බලනවත් එක්කම හිතාගන්නවත් බැරි විදියෙ ලොකු පිපිරීමක් ඇති වුනා‘‘
කෙසේ වෙතත් මෙම බෝම්බය එම සෙබළා විසින් යාපනයේ ඔහු සේවය කළ කඳවුරේ සිට සොරාගෙන එන්නට ඇති බවට සැක කෙරෙන අතර ඒ පිළිබඳව සෙබළාගෙන් ප්‍රශ්න කිරීමට නියමිතව තිබෙන බව පොලීසිය පවසනවා.
 Pix By -

Nadeesha K Rajakaruna

0 comments