නව ඇමති මණ්ඩලය මෙන්න

වත්මන් ආණ්ඩුවේ ප්‍රමුඛතාව ජනතාව සහ රට වෙනුවෙන් ලබා දෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.
ජනාධිපති ලේකම් කාර්යාලයේ දී  අමාත්‍ය මණ්ඩලය සංශෝධන අවස්ථාවට එක්වෙමින්  ජනාධිපතිවරයා මේ  බව සඳහන් කළා.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩිදුරටත් සඳහන් කළේ පැවති පළාත් පාලන මැතිවරණයේදී ජනතාව ලබා දුන් පණිවුඩයට අනුව රජයේ ප්‍රතිපත්ති, වැඩසටහන් සහ ක්‍රියාකාරකම් ජනතාව වෙනුවෙන් යහපත් ලෙස ඉටු කිරීමට රජය කැපවන බවයි.
නව කැබිනට් අමාත්‍යවරු 06 දෙනෙක්, රාජ්‍ය අමාත්‍යවරු තිදෙනෙක් සහ නියෝජ්‍ය අමාත්‍යවරයෙක් අද ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නා.

නීතිය හා සාමය පිළිබඳ කැබිනට් අමාත්‍ය - අගමැති රනිල් වික්‍රමසිංහ මහතා

---------------------------------------------------------------------------------------------
රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර සංවර්ධන කැබිනට් අමාත්‍ය - ලක්ෂ්මන් කිරිඇල්ල  මහතා

---------------------------------------------------------------------------------------------
උසස් අධ්‍යාපන හා මහාමාර්ග කැබිනට් අමාත්‍ය  - කබීර් හෂීම් මහතා

---------------------------------------------------------------------------------------------
විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා  කැබිනට් අමාත්‍ය - හරීන් ප්‍රනාන්දු මහතා

---------------------------------------------------------------------------------------------
තිරසර සංවර්ධන හා වනජීවී  කැබිනට් අමාත්‍ය - රවීන්ද්‍ර සමරවික්‍රම මහතා

---------------------------------------------------------------------------------------------
තරුණ කටයුතු හා දක්ෂිණ සංවර්ධන කැබිනට් අමාත්‍ය - සාගල රත්නයක මහතා

---------------------------------------------------------------------------------------------
තරුණ කටයුතු හා දක්ෂිණ සංවර්ධන රාජ්‍ය  අමාත්‍ය - පියසේන ගමගේ  මහතා

---------------------------------------------------------------------------------------------
බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, මත්ද්‍රව්‍ය නිවාරණ හා ප්‍රජා විශෝධන  රාජ්‍ය  අමාත්‍ය - අජිත් පී. පෙරේරා මහතා

---------------------------------------------------------------------------------------------
ස්වදේශ කටයුතු නියෝජ්‍ය  අමාත්‍ය - ජේ. සී. අලවතුවල  මහතා

---------------------------------------------------------------------------------------------
 ජාතික ප්‍රතිපත්ති  හා ආර්ථික කටයුතු  රාජ්‍ය අමාත්‍ය - අචාර්ය හර්ෂ ද සිල්වා  මහතා

0 comments