මං කොච්චර දස්කම් පෙන්නුවත් ලංකාවේ මට තැන නැහැ හැබැයි මෙහෙ මට හොඳට සලකනවා – සිකුගේ ප්‍රසන්න රට හැරයන ලකුණු


කලක පටන් ජාතික කණ්ඩායමේ අවස්තාවක් නොලැබුනු තුන් ඉරියව් ක්‍රීඩක සිකූගේ ප්‍රසන්න විස්සයි විස්ස ආකෘතියේ ප්‍රබල ක්‍රීඩකයෙක්. එම නිසාම ලොව පුරා පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලි සදහා ඔහුට ඉහල ඉල්ලුමක්ද පවතිනවා.
මේ අතර එංගලන්ත දේශීය විස්සයි20 ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීමටද සීක්කුගේ ප්‍රසන්නට අවස්ථාව ලැබී තිබෙනවා. එංගලන්ත ප්‍රිමීයර් ලීග් තරගාවලියේ නෝතැම්ප්ටන්ෂයර් කණ්ඩායම සමග එළැඹෙන තරගාවලිය වෙනුවෙන් සික්කුගේ ප්‍රසන්න ගිවිසුම් ගතව තිබේ.
නෝතැම්ප්ටන්ෂයර් කණ්ඩායම ලීසෙස්ටර්ෂයර් කණ්ඩායමට එරෙහිව පළමු තරගයට ජුලි 04 දා ක්‍රීඩා කිරීමට නියමිත අතර එම තරගයේ පටන් සීක්කු නෝතැම්ප්ටන්ෂයර් කණ්ඩායමට ක්‍රීඩා කිරීමට නියමිතය.
සීක්කු ටෙස්ට් තරගයකදී, එක්දි තරග 38කදී හා විස්සයි20 තරග 20කදී ශ්‍රී ලංකාව නියෝජනය කර තිබෙන ප්‍රවේගකාරී පිතිකරුවෙකු මෙන්ම දක්ෂ පා දග පන්දු යවන්නෙකු ලෙසද නම් දරා තිබේ.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ ලංකාවෙන් ඉඩක් නොලැබුනොත් විදෙස් රටකට හෝ ක්‍රීඩාවෙන් තමන්ගේ සහයෝගය ලබාදෙන බවයි .
මෙවැනි වටිනා ක්‍රීඩකයින් ලංකාවට තවත් අහිමිවීමට කලින් ඔව්න් රැකගැනීම ලංකාවේ වගකීමක් කියලයි අපටනම් හිතෙන්නේ

0 comments