විවාහයට සුදානමින් සිට මිතුරියන් සමඟ අවසන් ගමන් ගිය සුරූපිණිය

තුර්කියේ  කෝටිපතියකුගේ අලුත විවාහ වීමට සිටි දියණියක් සමඟින් ගමන්ගත් පුද්ගලික ජෙට් යානයක්  මධ්‍යම ඉරානයේදී කඩා වැටී එහි ගමන්ගත් 11 දෙනාම  මිය ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම මාර්තු මස අගදී විවාහ වීමට නියමිතව සිට ඇති තුර්කි ජාතික කෝටිපතියකුවූ හුසෙයින් බසාරාන් ගේ දියණිය වන 28 හැවිරිදි මීනා බසාරාන් සහ ඇයගේ මිතුරියන් 07 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ තිදෙනෙකු මෙම යානයේ ගමන් කරමින් සිට තිබෙනවා.

මෙම ජෙට් යානයද ඇයගේ පියාට අයත්වන අතර විවාහයට පෙර අවිවාහක සාදය සඳහා ඇයගේ හොදම මිතුරියන් 07 දෙනා සමඟින් එක්සත් අරාබි එමිරේටයේ  ඩුබායි හෝටලයේ  වෙත ගමන්කොට එහිදී සාදය පවත්වා ආපසු තුර්කියේ ඉස්තාන්බුල් දක්වා ගමන් කරමින් සිටියදී බටහිර ඉරානයේ සැග්රෝස් කදුපන්තිය අසල දී  මෙම අනතුර සිදුවී ඇතිව තිබෙනවා.

කදු සහිත ප්‍රදේශයට ලගාවෙත්ම දැඩි මීදුම් සහිත කාලගුණයක් තිබු බවත් එසැනින්  රේඩාර් තිරයෙන් නොපෙනී ගිය බවත් සඳහන් වනවා.

මියගිය 28 හැවිරිදි මීනා බසාරාන්ගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ 60000 අධික පිරිසක් ඇය වෙත යොමුව තිබෙනවා.
ඇයගේ විපත සැලවූ සැනින් පැය කිහිපයක් තුල 7000කට අධික පිරිසක් තම ශෝකය පලකල ඇතැයි ද සඳහන්.

0 comments