සුපිරි ගායිකාව සමග නඩු කියූ කන්‍යා සොයුරිය උසාවියේදී මියයයි
කැතරීන් රෝස් හොල්ස්මන් නම් මෙම කන්‍යා සොයුරිය මියයන විට වයස අවුරුදු 89ක්.
ලොස් ඇන්ජලීස් නගරයේ කන්‍යාරාමයක් තිබූ තැනක් සම්බන්ධයෙන් ඇය සහ තවත් කන්‍යා සොයුරියක් කේටි පෙරී සමග නඩු මගට බැස ඇතැයි සඳහන්.
එය 2015 වසරේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 14.5 කට මිලයට ගැනීමට පෙරී කැමැත්ත පළකර තිබුණද එහි අයිතිකරුවන් ඊට විරෝධය දැක්වීමත් සමග අර්බුදකාරී තත්ත්වයක් ඇතිව තිබෙනවා.
කැතරින් රෝස් හා රීටා කැලනන් විසින් කන්‍යාරාමය හා ඊට අයත් අක්කර 08ක භූමිය පෙරිට දීම සම්බන්ධයෙන් කැමැත්තක් නැති බව පවසා තිබෙනවා.
කේටි පෙරී ගයා ඇති ඇතැම් ගීත මතභේදයන්ට තුඩුදුන් ඒවා බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.








0 comments