සෝෂල් මීඩියා පාලනය කරන්න අලුත් නීති ගේනවා - රංජිත් මද්දුම බණ්ඩාර
බටහිර දියුණු රටවල ක්‍රියාත්මක වන නීති පද්ධති අධ්‍යයනය කර ජාත්‍යන්තර
ප්‍රමිතීන්ට අනුකූළ වන ආකාරයේ නීති පද්ධතියක් හඳුන්වා දෙන බවයි
අමාත්‍යවරයා සඳහන් කරන්නේ.
මේ සම්බන්ධයෙන් තමන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡා
කළ බවත් ජර්මනිය, බ්‍රිතාන්‍යය වැනි රටවල අන්තර්ජාලය සහ සමාජ ජාලා මාධ්‍ය
සඳහා හඳුන්වා දී ඇති නීති පද්ධති අධ්‍යයනය කරන ලෙස අගමැතිවරයා උපදෙස් දුන්
බවත් ඇමතිවරයා පවසයි.
මහනුවර ප්‍රදේශය ආශ්‍රිතව ඇතිවූ ජාතිවාදී ගැටුම් හේතුවෙන් මේ වනවිට
ලංකාව පුරා සමාජ ජාලා මාධ්‍ය අවහිර කර ඇති අතර ජාතිවාදය ඇවිස්සවූ බවට
තහවුරු කරගත් ෆේස්බුක් පිටු (facebook page) කිහිපයක් නතර කිරීමට ද රජය
කටයුතු කර තිබේ.
මේ වනවිට මහනුවර තත්වය සමනය වෙමින් පවතින බවත් ඊයේ දිනයේදී කිසිදු
සිදුවීමක් වාර්තා වී නොමැති බවත් මද්දුම බණ්ඩාර මහතා පවසයි. ජාතිවාදී
ගැටුම්වලට වගකිව යුතු පුද්ගලයන්ට උපරිම දඬුවම් ලබාදීමට කටයුතු කරන බවද
ඇමතිවරයා අවධාරණය කරයි.








0 comments