ෆේස්බුක් තහනම ඉවත්කරන්න - විදෙස් රටවල් වලින් ඉල්ලීමක්
නමුත් මීට පෙර පැය 72කට පමණක් සීමා කර තිබූ එම තහනම ඉක්මනින් ඉවත් කරන ලෙස විදේශීය රාජ්‍යතාන්ත්‍රිකයන් විසින් ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් ඉල්ලීමක් කර ඇති බවද වාර්තා වනවා.
එසේම මෙම සිදුවීම් අතරතුරේ ශ්‍රී ලංකාවේ සිටින ඇමෙරිකානු තානාපති අතුල් කෙෂප් ටිව්ටර් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.
ඔහු එහිදී කියා ඇත්තේ, සමාජ මාධ්‍ය ජාල යනු මානව සම්බන්ධතා වෙනුවෙන් යොදා ගනු ලබන “අවිධිමත්” සහ “වෙනස් වෙමින් පවතින” මෙවලමක් වන නමුත්, ප්‍රචණ්ඩත්වය සහ නොඉවසීම පැතිරවීම සම්බන්ධයෙන් වගකිව යුත්තේ ඒ සඳහා සමාජ ජාල යොදාගන්නා “වෛරයෙන් පිරුණු පුද්ගලයන්” විනා සමාජ මාධ්‍ය ජාල නොවන බවයි.








0 comments