ගිනි තැබූ ආපන ශාලාව පැය කිහිපයක් ඇතුළත ජනතා සහයෙන් ගොඩනගා යළි විවෘත කරයි
සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සොයා පොලිස් කණ්ඩායම් කිහිපයක් විමර්ශණ කටයුතු සිදු කළා.
ඒ ගිනි තබා විනාශ කරන ලද ආපන ශාලාවට ආසන්නයෙන් ඇති වෙළද සැළක සවි කර තිබූ ආරක්ෂිත කැමරා පද්ධතියක දර්ශණද උපයෝගී කර ගනිමින්.
අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් අවුරුදු 19 - 25 අතර පසුවන පිරිසක්.
හදිසි නීතිය ක්‍රියාත්මක කිරීමේ පනත අනුව සැකකරුවන්ට එරෙහිව අධිකරණමය ක්‍රියා මාර්ග ගන්නා බවයි ආණමඩුව පොලීසිය පවසන්නේ.
සැකකරුවන් ආණමඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
ඊයේ (11) අළුයම 2.00 ට පමණ එල්ල කරන ලද පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයෙන් ආපන ශාලාව ගිනි ගෙන විනාශයට පත් වී තිබුණා.
කෙසේ වෙතත් ගිනි තබා විනාශ කරන ලද ආපන ශාලාව 11 වැනිදා සවස වන විට සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කෙරුණේ ආණමඩුව ව්‍යාපාරික සංගමය සහ ප්‍රදේශවාසීන් එක්ව පොලීසියේද සහාය ඇතිවයි.
ප්‍රතිසංස්කරණය කරන ලද ආපන ශාලාව රාත්‍රී 8.00 ට පමණ විවෘත කිරීමද සිදුවුණා.
මෙම අවස්ථාවට මහා සංඝරත්නය, ඉස්ලාමීය ආගමික නායකයින්, ජල කළමණාකාරන රාජ්‍ය ඇමති පාලිත රංගේ බණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රියංකර ජයරත්න, ආණමඩුව ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක ආනන්ද සරත් කුමාර යන මහත්වරුන්ද උසස් පොලිස් නිලධාරීන්ද එක්ව සිටියා.
පැමිණ සිටි ගම්වාසීන් වෙනුවෙන් තේ පැන් සංග්‍රහයක්ද පැවැත්වුණා.
ජාති වාදී ගිනි දැල් වැපිරවීමට ඇතමුන් ගන්නා ක්‍රියාවන්ට ආණමඩුව ජනතාව පිළිතුරක් ලබා දී ඇති බවයි මෙහිදී ප්‍රකාශ වූයේ.
(හලාවත - ජුඩ් සමන්ත)








0 comments