පුංචි ඡන්දයේ සභිකයන්ගේ නාම ලේඛනයේ ගැසට් පත්‍රය මුද්‍රණාලයට
මැතිවරණ කොමසාරිස් ජනරාල් ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා ප්‍රකාශ කළේ නාමලේඛනයෙන් කොටසක් පමණක් මුද්‍රණ දෙපාර්තමේන්තුවට භාරදී ඇති බවයි.
දේශපාලන පක්ෂ කිහිපයකින් මෙතෙක් සම්පූර්ණ නාමලේඛනය මැතිවරණ කොමිසම වෙත ලැබී නොමැති බව ඔහු සදහන් කළේය.
එතෙක් ලැබී ඇති නාමලේඛනය ගැසට් පල කිරීම සඳහා අවශ්‍ය කටයුතු වෙනුවෙන් මුද්‍රණ දෙපාර්තමේන්තුවට භාරදී ඇති අතර නාමලේඛනය සම්පූර්ණ වූ පසු ගැසට් නිවේදනය නිකුත් කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා ප්‍රකාශ කළේය.
මේ අතර දැනට ලැබී ඇති නාමලේඛනය ගැසට් පත්‍රය සදහා පිළියෙල කිරීම ආරම්භ කළ බව රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි කල්පනා ලියනගේ මහත්මිය සදහන් කළාය.








0 comments