ලොවම වසඟ කරන විලාසිතා නිර්මාණ එළිදැක්වීම්
එත් ඇත්තටම මේ වගේ වෙනස් විලාසිතා වෙළෙඳපලට එන්නේ කොහොමද කියලා ඔබ මොහොතකට සිතුවාද? බොහෝ විට ඔබ එසේ සිතුවත් ඒ පිළිබඳව නිවැරදි තොරතුරක් සොයාගන්න නොහැකි වූවානම් මේ ලිපිය හරහා ඔබට ඒ පිළිබඳව දැනගන්න පුළුවන්. ලෝකයේ විවිධ කාලවල විලාසිතා නිර්මාණ එළිදක්වන අවස්ථා බොහොමයක් තිබෙනවා. ඒ අතරින් ප්‍රධාන පෙලේ විලාසිතා නිර්මාණ එළිදැක්වීම් කිහිපයක් පිලිබදව මේ ලිපිය හරහා දැනගන්න ඔබට පුළුවන්.
විලාසිතා නිර්මාණ එළිදැක්වීම් හඳුන්වා දීම
අද වෙනකොට විශාල මුදලක් වැයකරමින් පවත්වන්නට කටයුතු කලත් මුල් අවස්ථාවේ විලාසිතා නිර්මාණ එළිදැක්වීම ඒ වගේ පැවතුනේ නැහැ. විලාසිතා නිර්මාණකරුවන් ඔවුන්ගේ නිර්මාණ අලෙවි කිරීමේදී ඒ වෙනුවෙන් ගැනුම්කරුවන් සොයාගැනීම අද පවතින තත්වයට වඩා බොහෝ අසීරු තත්වයක් අතීතයේ පැවතුනා. ලෝකයට මුලින්ම උසස් මෝස්තර විලාසිතා නිර්මාණ හා ඒවා ඊට කලින් වෙළෙඳපලවල කෘතීම මිනිස් අනුරූවල ප්‍රදර්ශනය කරද්දී සැබෑ මිනිසුන් යොදාගෙන ප්‍රදර්ශනය කිරීම ආරම්භ කලේ උසස් විලාසිතා ලොවට හදුන්වාදීමට මුලිකවූ පියා වශයෙන් හදුන්වන, 1860 වසරේ මුලින්ම විලාසිතා නිර්මාණ එළිදැක්වීමක් කල චාල්ස් ෆෙඩ්රික් වෝත් (Charles Frederick Worth) නම් පැරිස් නුවර ජීවත්වූ ඉංග්‍රීසි ජාතිකයා විසිනි.
මුල් කාලයේ සංවිධානය කල විලාසිතා නිර්මාණ එළිදැක්වීමක් (www.stylishfreak.com)
ලෝකයේ ප්‍රධානම විලාසිතා නිර්මාණ එළිදැක්වීම්
ලෝකයේ දියුණු රටවල් හා ලංකාවේ පවතින විලාසිතා නිර්මාණයන් සැසඳීමක් කළහොත් ලංකාවේ අද වනවිට පවතින තත්වයට වඩා බොහෝ උසස් අන්දමේ විලාසිතාවන් ලෝකයේ භාවිතා කරනවා. ඒවායේ උසස් තත්ත්වය මත මිල ගණන් ඉහල වීම ලංකාවේ භාවිතයට හැකියාවක් ඇති ගැනුම් කරුවන් නොමැතිවීම නිසාම තවමත් ඉහල මට්ටමේ නිර්මාණ ලංකාවේදී මිලදීගන්න හැකියාවක් අපට නැහැ.
ඇමරිකාවේ ඇති විලාසිතා නිර්මාණ වෙළදසලක් (news.nike.com)
නිව්යෝක් විලාසිතා සතිය
1903 වසරේ පමණ ඇමරිකාවේ නිව්යෝර්ක් නුවරට හඳුන්වා දුන් නිව්යෝර්ක් විලාසිතා නිර්මාණ එළිදැක්වීම් උළෙල අද වෙනකොට ලෝකයම ආකර්ෂණය කරන්නක්. වසරේ පෙබරවාරි හා සැප්තැම්බර් මාසවලදී මෙහි නිර්මාණ ප්‍රදර්ශනය කරනවා. මනාලියන් වෙනුවෙන් නිර්මාණ සොයනවානම් ඔබ අනිවාර්යෙන්ම සහභාගී වියයුතු විලාසිතා සතියක් විදියට මේ විලාසිතා නිර්මාණ උළෙල හඳුන්වන්න පුළුවන්.
නිව්යෝක් විලාසිතා සතියේ අවස්තාවක් (www.newindianexpress.com)
ලන්ඩන් විලාසිතා සතිය
වසරේ පෙබරවාරි හා සැප්තැම්බර් මාසවලදී එංගලන්තයේ සංවිධානය කරන මේ විලාසිතා නිර්මාණ සතිය 1980 වසරේ පමණ ආරම්භ කර තිබෙනවා. මේ විලාසිතා නිර්මාණ උළෙලේ ප්‍රධාන වශයෙන් කාන්තාවන් සදහා නිර්මාණයන් එළිදක්වනවා. අලුත් ඒ වගේම උසස් ගණයේ නිර්මාණයන් මේ උළෙලේදී ඔබට දැකගන්න අවස්තාව තිබෙනවා.
ලන්ඩන් විලාසිතා සතියේ අවස්තාවක් දැක්වෙන ජායාරූපයක් (www.callajet.de)
පැරිස් විලාසිතා සතිය
පෙබරවාරි හා සැප්තැම්බර් මාසවලදී මේ නිර්මාණ එළිදැක්වීම් හැම වසරකම ප්‍රංශයේ සිදුකරනු ලබනවා. ලෝකයේ ප්‍රසිද්ධ විලාසිතා නිර්මාණ කරුවන් මෙහිදී තමන්ගේ නිර්මාණයන් එළිදැක්වීම සිදුකරනවා (උදාහරණයකට Dior, Paul Smith, Louis Vuitton, Nina Ricci, Lanvin, Julien David, Barbara Bui, Jean Paul Gaultier, Vivienne Westwood, Givenchy, Alexander McQueen, Chanel, Valentino, Miu Miu වැනි නිර්මාණ ශිල්පින්). ලෝකයේ උසස්ම විලාසිතා නිර්මාණ සොයනවානම් මේ විලාසිතා නිර්මාණ සතිය ඊට හොදම අවස්තාව වෙනවා. උසස් නිර්මාණ වෙනුවෙන් මේ උළෙල ලෝකයේම ප්‍රසිද්ධ වීම එයට හේතුවයි.
පැරිස් විලාසිතා සතියේ අවස්තාවක් (www.bustle.com)
බර්ලින් විලාසිතා සතිය
2007 වසරේ පමණ ජර්මනියේ බර්ලින් නුවර ආරම්භ කරන ලද මේ විලාසිතා නිර්මාණ එළිදැක්වීම් සතිය රාජ්‍ය අනුග්‍රහය මෙන්ම පෞද්ගලික ආයතනත් එක්ව සංවිධානය කරනවා. මූලිකම අනුග්‍රාහකයා වන්නේ මර්සිඩීස් බෙන්ස් ආයතනයයි. වසරේ ජනවාරි හා ජුලි මාසවලදී මේ උත්සවය සංවිධානය කරනු ලබනවා.
බර්ලින් විලාසිතා සතියේ අවස්තාවක් දැක්වෙන ජායාරූපයක් (mikuta.nu)
මිලාන් විලාසිතා සතිය
1950 වසරේ පමණ ආරම්භ කරන ලද ඉතාලියේ මිලාන් විලාසිතා සතිය ප්‍රධාන වශයෙන් කාන්තාවන්ට සුදුසු නිර්මාණ වලට එක් සතියකුත් පිරිමින් සදහා එක් සතියකුත් වශයෙන් කොටස් දෙකකින් සංවිධානය කරනවා. වසරේ පෙබරවාරි, මාර්තු හා සැප්තැම්බර්, ඔක්තෝම්බර් මාස වලදී මේ නිර්මාණ සතිය සංවිධානය කරනවා.
මිලාන් විලාසිතා සතියේ අවස්තාවක් දැක්වෙන ජායාරූපයක් (fashiontour-holidayinitaly.blogspot.com)
ලක්මී විලාසිතා සතිය
ලෝකයේ විලාසිතා වගේම ලංකාවේ අපිට ආසන්නතම රට වෙන ඉන්දියාවේත් විලාසිතා නිර්මාණ උළෙලවල් සංවිධානය කරනවා. ඉන්දියාවේ විලාසිතා නිර්මාණ සතියන් කීපයක් පවත්වන අතරම ලක්මී ආයතනයේ අනුග්‍රහය ඇතිව සංවිධානය කරන විලාසිතා නිර්මාණ සතිය මුලින්ම ආරම්භ කරන ලද විලාසිතා නිර්මාණ එළිදැක්වීම වෙනවා. මෙය වසරේ පෙබරවාරි හා අගෝස්තු මාස වලදී සංවිධානය කරන අතර 1999 වසරේ මුලින්ම මෙය පවත්වා තිබෙනවා. අපේ රටට ගැලපෙන ඔබින විලාසිතා ඔබට තෝරාගන්න සුදුසුම විලාසිතා නිර්මාණ උළෙලක් විදියට මෙය හදුන්වන්න පුළුවන්.
ලක්මී විලාසිතා සතියේ අවස්තාවක් දැක්වෙන ජායාරූපයක් (wwd.com)
ලංකාවේ විලාසිතා නිර්මාණ සතියක් තිබෙනවාද?
ලෝකයේ විලාසිතා ගැන කතා කළා වගේම අපිටත් ආඩම්බරයෙන් කියන්න පුළුවන් කමක් තියෙන විලාසිතා නිර්මාණ ඉතිහාසයක් අපිටත් තියෙනවා. එනම් කොළඹ විලාසිතා නිර්මාණ සතියයි. ලංකාවේ දැවැන්ත විලාසිතා නිර්මාණවේදීන් එක්ව ලංකාවේ ආර්ථික අගනගරය වන කොළඹදී 2003 වසරේ මුලින්ම ආරම්භ කරනවා. ඉන්දියාව, පකිස්තානය වැනි රටවල විලාසිතා නිර්මාණවේදීන් මේ අවස්ථාවට තමන්ගේ නිර්මාණ දායකත්වය ලබාදීම මගින් කොළඹ විලාසිතා නිර්මාණ සතිය ජාත්‍යන්තර අවදානයක් දිනාගැනීමටත් උපකාරයක් වී තිබෙනවා. පෙබරවාරි, මාර්තු හා සැප්තැම්බර්, ඔක්තෝම්බර් මාස වලදී මේ නිර්මාණයන් ලංකාවේදී ඔබට දැකගැනීමේ හැකියාවක් තිබෙනවා.
කොළඹ විලාසිතා සතියේ අවස්තාවක් දැක්වෙන ජායාරූපයක් (www.youtube.com)
CHARUKA JINETHRA








You have made your points in a smart way. I am impressed with how interesting you have been able to present this content. Thanks for sharing a nice information. Do support us
ReplyDeleteFashion Designing Colleges In Chennai
Interior Design Courses In Chennai
Fashion Designing Colleges In Bangalore
Fashion Designing Courses In Chennai