ජාතිවාදය ඇවිලවීමට එරෙහිව ෆේස්බුක් සමාගමේ ආසියානු කලාපීය කාර්යාලයෙන් විශේෂ වැඩපිලිවෙලක්.


මහනුවර තෙල්දෙණිය ගැටුම සමග මේ වන විට රටේ හදිසි තත්වයක් ප්‍රකාශ කර තිබෙනවා.
තවද මේ වන විට මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට පනවා තිබු ඇදිරි නිතිය අද උදැසන ඉවත් කරත් නැවතත් එම ඇදිරි නිතිය පනවා තිබෙනවා.
මේ අතර මෙම ජාතිවාදි ගැටුම සඳහා ප්‍රබල උත්ප්‍රේණයක් ෆේස්බුක් ඇතුලු සමාජ ජාලා වෙබ් අඩවි මගින් සිදු කරන බැවින් මේ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කිරීමටයි ෆේස්බුක් සමාජ ජාලය මේ වන විට සිය අවධානය යොමු කර ඇත්තේ.
ඒ අනුව ෆේස්බුක් සමාගමේ ආසියානු කලාපයේ විශේෂ නියෝජිතයන් පිරිසක් මේ වන විට ලංකාවට පැමිණ ඇති බව වාර්තා වනවා.
ආරක්ෂක අංශ වලින් ලබාදෙන ෆේස්බුක් ගිණුම් එම මොහොතේම ෆේස්බුක් සමාජ ජලා වලින් ඉවත් කිරීමට ක්‍රියා කරන අතර ඇතැම් ෆේස්බුක් ගිණුම් හිමියන් පල කර ඇති පොස්ට් කිනම් ස්ථානයක සිට පළකර ඇතිද යන්නද මෙම ෆේස්බුක් කණ්ඩායම විසින් ආරක්ෂක අංශ වෙත ලබාදීම සිදු කරනු ඇත.
ඒ අනුව එම පුද්ගලයන් සොයා නීතිය ක්‍රියාත්මක කිරීමද මීට ඉතා පහසු වන බවයි උසස් පොලිස් නිලධාරියෙක් අප සමග සඳහන් කලේ.

0 comments