රට පුරා ෆේස්බුක් වෙබ් අඩවියට පිවිසීමේ බාධා..... සම්පූර්ණයෙන්ම අත් හිටුවීමට සූදානමක්! (Exclusive)



අද උදෑසන සිට ශ්‍රී ලංකාවේ  වෙසෙන ජනතාවට සමාජජාල මධ්‍ය භාවිත කිරීමේදී යම් යම් අවහිරතාවයන්ට ලක්වීමට සිදු වූ අතර එයට හේතුව ඇතිවී තිබෙන කලබලකාරී වාතාවරණය මත විදුලි සන්දේශ නියාමන කොමිසම් සභාව විසින් අදාළ අන්තර්ජාල සේවා සපයන ආයතන වලට සමාජජාල මාධ්‍ය වෙබ් අඩවි අවහිර කරන ලෙස කරන ලද දැනුම්දීම බව වාර්තා වී තිබේ.

ඩයලොග් ආයතනය විසින් සිය නිල ටුවිටර් ගිණුම හරහා පණිවිඩයක් නිකුත් කරමින් මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයේ අන්තර්ජාල ප්‍රවේශ හැකියාව සීමා කරන ලෙස විදුඉ සංදේශ නියාමන කොමිසම අදාළ සේවා සැපයුම් ආයතන වෙත දැනුම් දුන් බව පැවසුවද  මේ වනවිට රට පුරා ප්‍රදේශ රැසක මෙම අවහිරතාවය ඇතිවී තිබේ. 

රටපුරා හදිසි නීතිය ප්‍රකාශයට පත්කර ඇති අතර සමාජජාල හරහා ගැටුම් උත්සන්න වීමට අනුබල දෙන ආකාරයේ අදහස් හුවමාරුවීම් සිදුවන බැවින් එය වැලැක්වීමට රජය මෙම පියවර ගෙන තිබේ. 

ඉදිරියේදී මෙම තත්වය සමනය නොවුනහොත් සමාජජාල මාධ්‍ය භාවිතය දින නියමයකින් තොරව සම්පූර්ණයෙන්ම අවහිර කිරීමටද රජය සූදානමින්  පසුවන බව අනාවරණය වී තිබේ.

0 comments