ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානීයා හා රාජ්‍ය සංස්ථා සභාපතිවරයා රක්ෂිත බන්ධනාගාරයට.

අල්ලස් චෝදනාවක් මත අත්අඩංගුවට පත් වූ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානීයා සහ රාජ්‍ය සංස්ථා සභාපතිවරයා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
සැකකරුවන් ඊයේ(03) රාත්‍රී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා වෙත ඉදිරිපත් කිරිමෙන්පසු ලබන 09 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝගකළ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.
අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම් සභාවේ නිළධාරින් විසින් සැකකරුවන් මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කර තිබුණි.

අල්ලස් ‍කොමිසමේ අත්අඩංගුවට පත් නිලධාරීන්ගේ සේවය අත්හිටුවීමට ජනපතිගෙන් නියෝගයක්..!


අල්ලස් චෝදනාවක් මත අත්අඩංගුවට පත් වූ ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිළධාරියාගේ සහ රාජ්‍ය සංස්ථා සභාපතිවරයාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබේ.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එම තීරණය ගෙන ඇති අතර ඔවුන්ට එරෙහිව කිසිදු බලපෑමකින් තොරව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස සියලු බලධාරින්ට දැනුම්දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
අල්ලස් හා දුෂණයට එරෙහි රජයේ ස්ථීරසාර ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම හා ස්වාධින කොමිසම් සභා පිහිටුවිමේ වැදගත්කම මෙමගින් තහවුරු වන බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
නීතිය ක්‍රියාත්මක කිරීමේ වගකීම දරණ රජයේ නිළධාරින්ට සිය රාජකාරිය නිසි ලෙස ඉටුකිරිම පිණිස වර්තමාන රජය යටතේ ඇති කර තිබෙන ස්වාධින හා අපක්ෂපාති පසුබිම පිළිබඳව තමා සතුටු වන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අවධාරණය කර ඇත.

0 comments