ශාපයට ගොදුරු වී බොරුවට වෙඩි වැදී ඇත්තට මැරුණු බෲස් ලී ගේ පුත් බ්‍රැන්ඩන් ලී - PHOTOS

හද සසල කළ ලොව සුපතළ මරණ බොරුවට වෙඩි වැදී ඇත්තට මැරුණු බ්‍රැන්ඩන් ලී ඒ 1993 පෙබරවාරි මස එක්තරා දිනයකි.
ඇමෙරිකාවේ උතුරු කැරොලිනාහි චිත්‍රාගාරයක චිත්‍රපටයක් නිපදවමින් තිබිණ. රූගත කිරීම් ආරම්භ කිරීමට පෙර සිටම එයට එළැඹුණේ නොයෙකුත් බාධාවන්ය. කෙසේ හෝ බාධා මැඩගෙන රූගත කිරීම් ආරම්භ කළ ද යළි යළිත් දිගින් දිගටම බාධා ඇති විය. ඉන් බොහොමයක් හදිසි අනතුරුය.
පෙබරවාරි 01 වැනිදා චිත්‍රපටයේ රූගත කිරීම් ආරම්භ කළ ප්‍රථම දිනය විය. දර්ශන තලයේ වැඩ කරමින් සිටි වඩු කාර්මිකයෙක් හදිසි අනතුරකට ලක් වූයේය. ඉන්පසු තවත් දිනයක හදිසි වැහි කුණාටුවක් නිසා දර්ශන තලය සම්පූර්ණයෙන්ම විනාශ විය. එහෙත් නිෂ්පාදකයෝ මේ සියලු බාධා මැඩගෙන රූගත කිරීම් කරගෙන ගියහ. එලෙස බාධක මැද ඉදිරියට ගිය මේ චිත්‍රපටය වූයේ " the crow " ය. එහි ඊළඟට සිදුවූ හදිසි අනතුර එසේ මෙසේ එකක් නොවීය. එය මුළු ලෝකයම හැඬවීය.
මාර්තු 31 වැනිදා චිත්‍රපටයේ රූගත කිරීම් ආරම්භ වෙද්දීත් මධ්‍යම රාත්‍රිය පසුවී තිබිණි. එදින රූගත කිරීම්වලට සහභාගී වූයේ බ්‍රැන්ඩන් ලී සහ තවත් නළුවෙකි. චිත්‍රපට කතාවට අනුව බ්‍රැන්ඩන්ට අනෙක් නළුවා වෙඩි තබන දර්ශනයක් එදින රූගත කිරීමට නියමිතව තිබිණ. වෙඩි පහරින් මිය යන බ්‍රැන්ඩන්ගේ ආත්මය ප්‍රතිවාදයාගෙන්
රූගත කිරීම් ඇරැඹිණ. බ්‍රැන්ඩන් කඩදාසි මල්ලක් ද අතැතිව කාමරයට ඇතුළු විය. සැඟවී සිටි පුද්ගලයා ඔහුට වෙඩි තැබීය. දර්ශන තලයේ තැබුණු ඒ වෙඩි පහර වැදීමට නියමිතව තිබුණේ බ්‍රැන්ඩන් අත තිබූ කඩදාසි බෑගයටය. නමුත් වෙඩිල්ල වැදුණේ බ්‍රැන්ඩන් ගේ උදරයටය. වෙඩි වැදුණු බ්‍රැන්ඩන් එතැනම ඇද වැටිණි. ඒ.... රූගත කිරීම් සඳහා බොරුවට නොව සැබෑවටමය.
“ පෙරහුරුවේදී බ්‍රැන්ඩන් වෙඩි වැදී බිමට වැටෙන අයුරු නිරූපණය කර තිබුණේ මෙලෙස නොවේ.” පෙරහුරුවට සහභාගී වූ අනෙක් නළුවා කල්පනා කළේය. නමුත් එවේලේ ඔහු ඒ ගැන කිසිවක් නොකීවේය. රූගත කිරීමේ කැමරා දිගින් දිගටම ක්‍රියාත්මක වෙමින් පැවතිණ. “ කට්, කට් කරුණාකර නවත්තන්න.” බ්‍රැන්ඩන් අපහසුවෙන් වචන ගලපමින් එසේ පැවසීය. නමුත් කවුරුත් ඒ ගැන එතරම් අවධානයක් යොමු නොකළහ. සියල්ල දිගින් දිගට රූගත කෙරුණි. අවසානයේ අධ්‍යක්ෂවරයා රූගත කිරීම් නිමා කරමින් “ කට්, කට්” යනුවෙන් සංඥා කළේය. කවුරුත් නැගිටින්නට උත්සාහ කරන බ්‍රැන්ඩන් ළඟට ගියහ.
ඇත්තෙන්ම ඔහුට වෙඩි වැදී ඇති බව කාටත් තේරුම් ගියහ. ඔහු ඇඳ සිටි කළු පැහැති ජැකට්ටුව ලෙයින් පෙඟී ගොස් තිබිණ. බ්‍රැන්ඩන් වහා රෝහල් ගත කෙරිණ. වෛද්‍යවරු පුරා පැය පහක් තිස්සේ ඔහුගේ ජීවිතය ගලවා ගැනීම සඳහා සටන් කළහ. නමුත් අවසානයේ බ්‍රැන්ඩන් දිවියෙන් සමුගත්තේය. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 28 කි. බ්‍රැන්ඩන් කී පමණින් මුළු ලොවම හඳුනන ඔහු සුප්‍රසිද්ධ සටන් නළු බෲස් ලී ගේ එකම පුත්‍රයාය. ඔහු ලෝ ප්‍රකට බෲස් ලී ගේ පුතා වුවත් බ්‍රැන්ඩන්ට බෲස් ලී ගේ පුතා ලෙස සිනමා ලොවේ ඉහළට නැගීමට අවශ්‍ය නොවීය.
ඔහුට අවශ්‍ය වූයේ තමාගේ දක්ෂතා මත චිත්‍රපට ලොවේ නළුවකු වීමටය. මේ තරුණ නළුවා මුලින්ම චිත්‍රපටයකට සම්බන්ධ වූයේ 1985 දී ය. ඒ පිටපත් කියවන්නකු ලෙසිනි. ඔහු රඟපෑ ප්‍රථම චිත්‍රපටය වූයේ කුංෆු ය. 1970 දී මෙය මාලා ටෙලි නාට්‍යයක් බවට පත් වී ලොව පුරා ප්‍රසිද්ධ විය. ඉන්පසු ඔහු මිය යන විට චිත්‍රපට හතකත් ටෙලිනාට්‍ය තුනකත් රඟපා තිබුණි. බෲස් ලී මිය යද්දී බ්‍රැන්ඩන් ගේ වයස අවුරුදු 8 කි. බෲස් ලී මිය ගියේ වයස 32 දී ය. බ්‍රැන්ඩන් ද පියා මෙන්ම අකාලයේ මිය ගියේ ලොව පුරා තම මරණය පිළිබඳව කුතුහලයෙන් කතා කිරීමට දෙයක් ඉතිරි කරමිනි.
ඒ වනවිට “the crow” චිත්‍රපටයේ රූගත කිරීම් නිමවීමට තිබුණේ දින 10 ක් තරම්ය. ඒ වනවිට ඔහු විවාහ ගිවිසගෙන සිටියේය. ඔහුගේ පෙම්වතිය වූයේ එලිසා හට්න්ය. “the crow” චිත්‍රපටයේ වැඩ නිම වී දින හතරකින් මෙක්සිකෝවේ දී විවාහ වීමට ඔවුන් සියලු කටයුතු සූදානම් කර තිබිණ. බ්‍රැන්ඩන් මිය ගිය දින රූගත කිරීම් ආරම්භ කිරීමට පෙර ඔහු සිය සහය නළුවා ඇමතීය.
“ බැංග්, බැංග්, මල් එවන්න අමතක කරන්න එපා.” ඒ ඔහු පැවසූ අවසන් වදන්ය. මින් ඔහු අදහස් කර ඇත්තේ දර්ශන තලයේ දී රූගත කිරීම්වලදී පැවැත්වෙන සිය අවමංගල්‍ය උත්සවය සඳහා මල් අවශ්‍ය බව මතක් කිරීමයි. බෲස් ලී මිය යෑමත් සමඟ ඔහුගේ මරණය පිළිබඳව ද ලොව පුරා නොයෙකුත් කටකතා පැතිර ගියේය. ඉන් වඩාත් ප්‍රචලිත වූයේ බෲස් ලී ගේ පවුලේ පිරිමි අයට කිසියම් ශාපයක් නිසා වැඩි ආයුෂ විඳීමට නොහැකි බවකි.
ලී පවුලේ මුතුන් මිත්තකුට කර ඇති ඒ ශාපය බ්‍රැන්ඩන් ද දැන සිටි බවත් ඔහුගේ මරණයෙන් පසු ප්‍රසිද්ධ විය. ඔහුගේ මරණයත් සමඟ තවත් පිරිසක් සිතුවේ බ්‍රැන්ඩන් මිය ගියැයි කීම අසත්‍යයක් බවත් ප්‍රසිද්ධිය තකා එසේ පවසන බවත් ය. එහෙත් ව්‍යාජ උණ්ඩ යොදා දර්ශන තලයේ දී සිදු කළ මේ වෙඩි තැබීම සැබැවින් ම බ්‍රැන්ඩන්ට මරණය ළඟා කළේය.
බ්‍රැන්ඩන් වෙඩි වැදී බිම වැටී සිටියදීත් රූගත කිරීම් සඳහා යෙදවූ කැමරාව ක්‍රියාත්මක වෙමින් පැවතිණි. නමුත්, එම රූගත කෙරුණු දර්ශන පෙළ කිසි දිනෙක මුද්‍රණය නොකෙරිණි. බ්‍රැන්ඩන් වෙඩි වැදී බිම වැටීමෙන් පසු රෝහලේදී ඔහු මිය ගිය බව ප්‍රකාශ කිරීමෙන් අනතුරුව එතෙක් රූගත කිරීම් කළ දළ සේයාපට සුරැකිව අරන් තබා තිබිණි.
බ්‍රැන්ඩන් මිය යද්දී චිත්‍රපටයේ රූගත කිරීම් මුළුමනින්ම පාහේ හමාර කර තිබිණි. රූගත කිරිම් සඳහා ඉතිරිව තිබූ කොටස් ඔහුගේ මිතුරකු යොදා රූගත කළේය. එලෙස වැඩ අවසන් කළ චිත්‍රපටය මහජන ප්‍රදර්ශනයට ආවේ 1994 මැයි මාසයේ ය. එම චිත්‍රපටය ප්‍රේක්ෂක හදවත් ආකර්ෂණය කරගත්තේ බොක්ස් ඔෆීස් වාර්තා බිඳ දමමිනි.
0 comments