චොකලට් කේක් ආහාරයට ගැනීමෙන් ශරීරයට ලැබෙන වාසි.

චොකලට් කේක් කැබැල්ලක් ආහාරයට ගැනීම බොහෝ වෙලාවට අපට සතුටක් ගෙන දෙන කාරණයකි. නමුත් තමාගේ සෞඛ්‍ය තත්වය නිරෝගිව පවත්වා ගැනීමට කැමති බොහෝ දෙනා චොකලට් කේක් ආහාරයට ගැනීම ප්‍රතික්ෂේප කරයි.නමුත් නවතම අධ්‍යන වලින්
හෙළි වී තිබෙන්නේ චොකලට් කේක් ආහාරයට එකතු කරගනිම වරදක් නොවන බවයි.
නිව්යෝර්ක් හි පවත්වා ඇති මෙම සමීක්ෂණයට පුද්ගලයන් 968ක් සහබාගී වී ඇත. ඔවුන් සියලු දෙනාම වයස අවුරුදු 23-98 ත් අතර විය. මෙම අධ්‍යනයෙන් පුද්ගලයන්ගේ විවිධ හැසිරීම් රටා අධ්‍යනය කර ඇති අතර ඒවාට කිසිදු බලපෑමක් එල්ල කර නොමැත.
මෙම අධ්‍යනයෙන් හෙළි වී ඇති පරිදි චොකලට් කේක් අනුභව කිරීමෙන් පුද්ගලයන්ගේ මොලයේ ක්‍රියාකාරිත්වය වර්ධනය වන අතර එමගින් මතකය සහ චින්තන හැකියාවද වර්ධනය වේ. තවත් අධ්‍යනයකින් හෙළි වී ඇත්තේ චොකලට් කේක් කැබැල්ලක් උදෑසන
ආහාරයට එකතු කරගැනීමේන් දවසේ වැඩ ඉටු කිරීම් අසදහා අවශ්‍ය ශක්තිය සැලසෙන බවයි. එමෙන්ම දිනපතා චොකලට් කේක් ආහාරයට ගැනීමෙන් ඔබගේ බර අඩුවීමද සිදු වේ.
ඔබගේ මොලයට අවදිව සිටීම සදහා ශක්තිය අවශ්‍ය වේ. මේ හේතුව නිසා ඔබ උදෑසන කාලය තුල ගන්නා ආහාර ඉක්මනින් ශක්තිය බවට පත් වේ. මේ හේතුව නිදා උදෑසන ආහාරය සදහා චොකලට් කේක් ආහාරයට ගැනීම වඩාත් ප්‍රතිපලදායි වේ.
මෙම අධ්‍යනයෙන් හෙළි වී ඇති පරිදි උදෑසන 9 ට පෙර චොකලට් කේක් ආහාරයට ගැනීම සුදුසු වන වේ. චොකලට් කේක් වල අඩංගු ශාකමය ආහාර සහ එහි අඩංගු වෙනත් සංයෝග අපගේ සෞඛ්‍යට බොහෝ හිතකර වේ. ඉතින් තවදුරටත් චොකලට් කේක් අනුභව කිරීම රසවත් වරදක් නොවේ

0 comments